වසර 08කට පසු තෙල් මිල අහස උසට යයි.. හදිසියේ සිදුවූ දේ මෙන්න.

Sri Lanka World market Crude oil prices rise
By Aruna Feb 15, 2022 06:40 AM GMT
Aruna

Aruna

Report

රුසියානු ආක්‍රමණයක් ආරම්භ වනු ඇති බවට බටහිර ඔත්තු සේවා පවසන හෙට දිනය, එක්සත්කමේ දිනය ලෙස යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමග ලෝක වෙළදපොළේ බොරතෙල් මිල දැන් ඩොලර් 100 ආසන්නයට පැමිණ තිබෙනවා.

ඊයේ දිනයේ තවත් සියයට 2.2කින් තෙල් මිල ඉහළ ගිය අතර බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 96 ශත 48ක් ලෙසයි.

ඇමරිකානු ඩබ්ලිව් ටී අයි තෙල් බැරලයක මිල ද ඩොලර් 95යි ශත 46 දක්වා සියයට 2.5කින් ඉහළ ගියා.

ලෝක වෙළදපළේ තෙල් මිල දැන් සලකුණු කරන්නේ 2014 වසරෙන් පසු ඉහළම අගයන්.

මෙලෙස ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ඉහල යාම මෙරට ඉන්ධන මිල ඉහල යාම කෙරෙහි ද සෘජුව බලපෑම් එල්ල කරනු ලබනවා.

පසුගියදා ලංකා අයි.ඕ.සී සමාගම විසින් ඉන්ධන මිල ඉහල දැමිමක් සිදු කරනු ලැබූ අතර එම මිල වැඩි කිරිමට සාපේක්ෂව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවද ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාවක් අමාත්‍යවරයා වෙත භාරදී තිබෙනවා.

එහෙත් එම මිල සංශෝධනය සම්බන්ධයෙන් මේ වන තෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

කෙසේවෙතත් ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඊයේ සඳහන් කළේ, තම සංස්ථාව ඩිසල් ලීටරයකින් රුපියල් 50ක් මේ වන විට අලාභ ලබන බවයි.

කෙසේ වෙතත් අදාළ අලාභය පියවා ගැනිම සඳහා ලෝක වෙලෙඳපොලේ බොරතෙල් මිල ඉහල යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල සංශෝධනය කිරිම සඳහා වන මිල සූත්‍රයක අවශ්‍යතාවද ඔහු විසින් පෙන්වා දෙනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now