ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිවරයා මෙන්න

Report

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු වන එරික් මෙයර් (Eric Meyer) පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

එරික් මෙයර් අමෙරිකානු විදේශ සේවයේ (U.S. Senior Foreign Service) වෘත්තීය සාමාජිකයෙකු වන අතර, ඔහු මේ වන විට දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇත.

ඔහු ශ්‍රී ලංකාව ඇතුළුව ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය වැනි දකුණු හා මධ්‍යම ආසියානු රටවල් රැසක අමෙරිකානු ප්‍රතිපත්ති සම්බන්ධීකරණය කිරීමේ වගකීම දැරූ නිලධාරියෙක් වන අතර ඔහු මීට පෙර නෝර්වේ සහ උතුරු මැසිඩෝනියාවේ අමෙරිකානු තානාපති කාර්යාලවල වැඩබලන තානාපතිවරයෙකු සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ලෙස සේවය කර තිබෙන බව වාර්තා වේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ලෙස සිව් වසරකට ආසන්න කාලයක් සේවය කළ ජුලී චන්ග් (Julie Chung) ඊයේ (16) සිය ධුරයෙන් සමුගත් අතර ඇය 2022 වසරේ සිට මෙරට සේවය කළ අතර ඇයගේ සේවා කාලය අවසන් විය.