කටුනායක ගුවන් තොටුපළේ බඩුත් එක්ක හොරු අල්ලයි
රුපියල් හැට අට ලක්ෂ අසූ පන්දහසක් (6,885,000) වටිනා නීතිවිරෝධී විදේශීය දුම්වැටි සහ විද්‍යුත් දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ මෙරට ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (17) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, සැකකරු පානදුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක් බවයි ඔහු වෘත්තියෙන් ගුවන් යානා ප්‍රවේශ පත්‍ර (Air Tickets) අලෙවි කරන්නෙකු බවටද තොරතුරු අනාවරණය වී ඇත.
අද පස්වරු 05.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 654 දරන ගුවන් යානයෙන් ඔහු කටුනායක වෙත පැමිණ ඇති අතර, හරිත මාවත' (Green Channel) ඔස්සේ මෙම තොගය රහසේ පිටකරගෙන යාමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන්ට ඇති වූ සැකය මත සිදුකළ පරීක්ෂාවකදී මෙම සිගරට් තොගය හසුවු බව තොරතුරු වාර්තා වේ.
එහිදී, සැකකරු රැගෙන ආ ගමන් මලු තුනක සඟවා තිබූ විදේශීය දුම්වැටි 44,400ක් අඩංගු කාටූන් 222ක් සහ විද්‍යුත් දුම්වැටි (E-cigarettes) 15ක් එහිදී රේගු භාරයට ගෙන ඇත.