දෙවියනේ යතුරු පැදි රේස් එකෙන් තරුණයෙක් එතනම මරුට
හොරණ ඉලිඹ හන්දිය අසලදී යතුරුපැදි දෙකක් මෝටර් රථයක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් එක් තරුණයකු ජීවිතක්ෂයට පත්ව තවත් තරුණයකු රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ හොරණ ගුරුගොඩ ප්රදේශයේ පදිංචි 17 හැවිරිදි ශෂී නමැති තරුණයෙකු බව වාර්තා වෙයි. පොලිස් විමර්ශන අනුව, ඉංගිරිය දෙසින් හොරණ දෙසට යතුරුපැදි දෙකක් වේගයෙන් ධාවනය කරමින් පැමිණ ඇති අතර, එම අවස්ථාවේ හොරණ සිට ඉංගිරිය දෙසට ගමන් කරමින් සිටි මෝටර් රථයක් අතුරු මාර්ගයකට හැරවීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇත.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදි දෙක පැදවූ තරුණයන් දෙදෙනා හොරණ දිස්ත්රික් රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් තරුණයෙකු වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.
එහිදී 17 හැවිරිදි ශෂී නමැති තරුණයා මියගිය බව රෝහල් ප්රකාශකයෙකු සඳහන් කරයි. මෙම අනතුරෙන් යතුරුපැදි දෙකට සහ මෝටර් රථයටද දැඩි හානි සිදුව ඇති අතර, සිද්ධියෙන් පසු මෝටර් රථයේ රියැදුරු හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හොරණ පොලිසිය සිදු කරයි.