කොරෝනා යලි හිස ඔසවමින්.. නැවතත් Lockdown ..දිවයිනටම රතු නිවේදන..?

COVID19 LOCKDOWN UPUL ROHANA WASANTHA YAPA
By Sewvandhi Nov 06, 2021 12:48 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රට පුරා පැවැත්වෙන ගුරු උද්ඝෝෂණ, ගොවි උද්ඝෝෂණ, දෙමාපිය උද්ඝෝෂණ, විරෝධතා, දේශපාලන රැස්විම් තුළින් යළිත් රටපුරා කොවිඩ් රැල්ලක අවදානමක් මතුවී තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. සියලු උද්ඝෝෂණ, විරෝධතා සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් පැවැත්වීම කණගාටුදායක බවයි, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ.

අදින් ආරම්භ වන දීර්ඝ සති අන්තයේදී වන්දනා ගමන්, විනෝද චාරිකා යෑමෙන් වැළකී සිටීම ඉතා වැදගත් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා. එසේම කෙටි දුර සේවාවේ යෙදෙන බස් රථවල මගී ජනතාව ‘පොල් පටවාගෙන’ මෙන් ධාවනයේ යෙදෙන බවත්, මේ තුළින් ද කොවිඩ් අවදානමක් මතුව ඇති බවත් මේ සම්බන්ධව බස් රථ සේවකයින් මෙන්ම බස් රථවල ගමන් ගන්නා මගී ජනතාව ද අවධානය යොමු කළ යුතුව තිබෙන බව ඔහු වැඩිදුරටත් පවසනවා.

එමෙන්ම ,කොවිඩ් 19 හතරවන රැල්ල දිපාවලි උත්සවයත් සමග පැතිර යාමේ අවධානමක් පවතින බව හැටන් ප්‍රදේශයේ ජනතාව පවසයි. අන්තර් පලාත් අතර පනවා තිබු සංචරණ සිමා ඉවත් කිරිමෙන් අනතුරුව කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියා වල නිරතව සිටි වතුකරයේ ජනතාව වතුකරයේ නිවාස වෙත පැමිණෙමින් පවති.

එසේ පැමිණෙන පිරිස් ලංගම සහ පෞද්ගලික බස් රථවලින් හැටන් ඇතුළු වතුකරයේ ප්‍රධාන නගර වලට ප්‍රවාහනය කරන අතර, එම බස් රථ වලද සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් මගින් ප්‍රවාහනය කරන ආකාරයක්ද සටහන් විය.

දිපාවලි උත්සවයට අවශ්‍ය අලුත් ඇදුම් සහ ආහාර ද්‍රව්‍යය ඇතුළු මිල දි ගැනිමට හැටන් නගරයට පැමිණෙන වතුකරයේ ජනතාව සෞඛ්‍ය උපදෙස් වලට පටහැනි කටයුතු කරන අතර , හැටන් නගරයේ ව්‍යාපාරිකයන්ද ව්‍යාපාර කටයුතු වලට පමණක් ප්‍රමුඛතාවයක් ලබා දි සෞඛ්‍ය උපදෙස් පිලිබදව කිසිදු තැකිමක් නොකරන ආකාරයක් ද කැමරාවේ සටහන් වි තිබුණි.

මේ අතර ,තවත් මාස දෙකක් ඇතුලත රට නැවත වතාවක් ලොක්ඩවුන් කිරීමේ තත්ත්වයක් ඇතිවුවහොත් එය ඉතා දරුණු ඛේදවාචකයක් වනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සඳහන් කරයි.

මෑතක දී ද පැවැති වෘත්තිය සමිති ක්‍රියාමාර්ග විරෝධතා ආදිය හේතුවෙන් වෛරසය වේගයෙන් ව්‍යාප්ත වූ බවද මන්ත්‍රීවරයා පැවසීය.

යලි වතාවක් රට විවෘත කර තිබෙන අවස්ථාවේ පෙර පරිදිම විරෝධතා උද්ඝෝෂණ පවත්වන්නට වූවොත් මාස දෙකක් පමණ කාලයක් ඇතුළත රට වසා දැමීමට සිදුවනු ඇති බවත් එය ඉතා දරුණු ඛේදවාචකයක් වනු ඇතැයිද ඒ මහතා සදහන් කලේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ල


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha