නැවතත් හිස ඔසවමින් තැනින් තැන ඇති වන Covid පොකුරු ගැන දැඩි අනතුරු ඇඟවීමක්
එන්නත්කරණය අතින් ලොව පළමු රටවල් හතර අතරට ශ්‍රී ලංකාව මේ වනවිට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා. මේ අතර වයස අවුරුදු 20 ත් 30 ත් අතර සරසවි සිසුන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
නව කොරෝනා ආසාදිතයින් 720 දෙනෙකු ඊයේ (10) හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට පන් ලක්ෂ විසි හය දහස් තුන්සිය අසූ තුනක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 13,331 ක් ලෙසින්.
මහනුවර ඊයේ (10) පැවති උත්සවයකදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ මෙරට සිදුව ඇති කොරෝනා මරණවලින් සියයට 74ක පමණ ප්‍රතිශතයක් කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් පුද්ගලයින් බවට අනාවරණ වී ඇති බවයි.
කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේ පළමු සහ දෙවන මාත්‍රා ලෙස එන්නත් මාත්‍රා 46,639 ක් ලබාදී තිබෙනවා. මේ අතර ආගමික ස්ථාන ඇතුලු වෙනත් ස්ථානවල ජනතාව එක්රැස්වීමෙන් යළිත් වරක් කොරෝනා පොකුරු හටගැනීමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
එබැවින් ආගමික වතාවත්වල නිරතවීමේදී සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙසයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ඉල්ලා සිටියේ.
මේ අතර අවුරුදු විස්සත් තිහත් අතර සරසවි සිසුන්ට සහ විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට කොරෝනා එන්නත් ලබාදීම මේ වනවිට සිදුවනවා.
මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් අත්හිටවූ කොළඹ සහ යාපනය අතර ගුවන් ගමන් යළි ආරම්භ කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව ලබන මස මැදදී එම ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවයි සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |