අවසන් වී ගෙන යන අතර නැවතත් Covid පොකුරක්

deaths infection vaccination covd19
By Sithumi Sep 21, 2021 03:50 PM GMT
Sithumi

Sithumi

Report

පාසල් සිසුන් එන්නත්කරණයේදී මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන්ට ප්‍රමුඛතාව දෙමින්, ෆයිසර් එන්නත ලබාදීමට රජය තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. මේ අතර රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසුවේ, වයස අවුරුදු 12න් ඉහළ ආබාධ සහ නිදන්ගත රෝග සහිත දරුවන්ට ලබන 24 වැනිදා සිට ෆයිසර් එන්නත ලබාදීම ආරම්භ කරන බවය.

ඔහු පැවසුවේ මේ වනවිට ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් රෝගීන් ගණන 530ක් දක්වා අඩුවී ඇති බවත් එබැවින් ඉන්දියාවෙන් ඔක්සිජන් ගෙන්වීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවත් ඔහු පැවසීය. මේ අතර පසුගිය පැය 24 තුළ මෙරටදී PCR පරීක්ෂණ 8,338 ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 2,181 ක් සිදුකර ඇති බව වාර්තා විය.

සෞඛ්‍ය අංශ පවසන්නේ, බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක් වන පස්සර පාලාවත්ත ගම්මානයෙන් ද කොවිඩ් ආසාදිතයින් වාර්තා වන බවය. පාලාවත්ත විහාරස්ථානයේදී අද (21) සිදුකරන ලද අහඹු ඇන්ටිජන් පරීක්ෂණවලදී ගම්වැසියන් 50කගෙන් 26 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණි.

මේ අතර ප්‍රදේශ කිහිපයකදී කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අදත් සිදු කෙරිණි. මහනුවර, කුණ්ඩසාලේ කොට්ඨාසයේ ස්පුට්නික් දෙවන මාත්‍රාව අපේක්ෂාවෙන් සිටි වයස අවුරුදු 30ට වැඩි පිරිස් වෙත එහි දෙවන මාත්‍රාව ලබාදීම අද පෙරවරුවේ ආරම්භ කළ බව අප වාර්තාකරු පැවසීය.

කෙසේ වෙතත් මඩකලපුව දිස්ත්‍රික්කයේ අද ක්‍රියාත්මක වූ එන්නත්කරණ වැඩසටහනට තරුණ තරුණයින්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පැවතිනි. එම තත්ත්වය පුත්තලම දිස්ත්‍රික්කයේ එන්නත්කරණ මධ්‍යස්ථාන ආශ්‍රිතවද දක්නට ලැබුණි.

දැනට භාවිතයට ගන්නා ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම්, ස්පුට්නික් V, ෆයිසර් හා මොඩර්නා යන එන්නත්වල පළමු හා දෙවන මාත්‍රා ඊයේ (20) පුද්ගලයින් 59,187 දෙනෙකුට ලබාදී තිබේ. වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මේවනවිට එන්නත් මාත්‍රා දෙකම ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව එක්කෝටි එකොළොස් ලක්ෂ විසිහතර දහස් එකසිය හතලිස් පහකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now