මෙරට ඔක්සිජන් ඉල්ලුම 6ගුණයකින් ඉහළට..ඉදිරි සති කිහිපය දැඩි අවදානම්...! (PHOTOS)

By Sewvandhi Aug 26, 2021 12:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට කොරෝනා ආසාදිත ව රෝහල්ගතව සිටින රෝගීන්ට අවශ්‍ය වන ඔක්සිජන් ප්‍රමාණය ඊයේ දින වන විට 06 ගුණයකින් ඉහළ ගොස් තිබේ. කොරෝනා වසංගත ආරම්භ කාලයේ දී මෙරට ඔක්සිජන් අවශ්‍යතාවය වූයේ ටොන් 22කි.

නමුත් දෛනිකව මේ දක්වා භාවිතා කළ වැඩිම ඔක්සිජන් ප්‍රමාණය පෙරේදා දිනයේ වාර්තා කර තිබුණේ ටොන් 120ක් භාවිතා කරමිනි.

දැනට ශ්‍රි ලංකාව තුල ඔක්සිජන් නිපදවන සමාගම් වල දෛනික නිෂ්පාදනය ටොන් 78කි. මෙම තත්ත්වය මත ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ඔක්සිජන් ආනයනයට රජය කටයුතු කර ඇත.

ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාමත් සමඟ අසාධ්‍ය තත්ත්වයට පත්වන ආසාදිතයන් හේතුවෙන් ඔක්සිජන් අවශ්‍යතාවය විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

මීට පෙර,කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය, සායනික ඔක්සිජන් ලීටර් 300,000ක් සතිපතා ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර,මෙරට කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් රැගත් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව (23) උදෑසන කොළඹ වරායට පැමිණ තිබෙනවා.

එම නෞකාවේ සායනික ඔක්සිජන් ටොන් 40ක් රැගෙනවිත් තිබෙන බවයි නාවික හමුදාව පැවසුවේ. මේ අතර සායනික ඔක්සිජන් ටොන් 100ක් රැගත් ඉන්දියාවට අයත් ශක්ති නෞකාව ද  (22) කොළඹ වරායට පැමිණියා. 

එමෙන්ම,ද වන විට මෙරට ජනතාව වෙළඳපලේ ඇති ඔක්සිජන් සිලින්ඩර මිලට ගෙන තමන් නිවාස වල ගොඩ ගසා ගන්නා තත්ත්වයක් උදා වී ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී වීරසූරිය මහතා සඳහන් කරයි.

මෙම සිලින්ඩර රුපියල් ලක්ෂය දක්වා වූ ඉහළ මිල ගණන්වලට නිවසට ගෙන ගියද මේ මෙම කටයුත්ත ඉතාම අනවශ්‍ය ක්‍රියාවක් බව අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. සැබෑ ලෙසම ඔක්සිජ්න අවශ්‍ය පුද්ගලයෙකුට වුවද ඔක්සිජන් ලබා දිය යුතු බව ප්‍රමාණයන් හා ක‍්‍රමවේදයන් නොදැන ඒවා ගබඩා කර ගැනීමෙන් පලක් නැති බව ද ඒ මහතා කියා සිටී.

ඔක්සිජන් පුද්ගලයෙකුට වැඩිපුර ලබා දුන්නොත් එම පුද්ගලයාට නිව්මෝනියා තත්ත්වය ඇති විය හැකි බවද වෛද්‍යවරයා අනතුරු ඇඟවීය. රූපවාහිනි නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery