ඊයේ වැඩිම කොරෝනා ආසාදිතයින් 4446 ක් සහ මරණ 190ක්..එන්න එන්නම තත්ත්වය භයානකයි...!!!
ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 4446 හමුවූ අතර කොරෝනා මරණ 190 ක් වාර්තා වුණා. තවත් කොරෝනා මරණ 190 ක් ඊයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කල අතර ඒ අනුව මෙරට සමස්ථ මරණ සංඛ්‍යාව 7,750 දක්වා ඉහළ ගියා.
ඊයේ තහවුරු කල මිය ගිය පිරිස අතරින් 113 දෙනෙකු පිරිමි පුද්ගලයන්. එසේම මිය ගිය 190 දෙනාගෙන් 150 දෙනෙකුම වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩයේ පසුවනවා. ඊයේ තවත් කොරෝනා ආසාදිතයින් 4446 ක් හඳුනා ගැනුණු බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.
ඒ අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් 19 දෙනෙකු ද සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මෙරටින් වාර්තා වන මුලු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තුන් ලක්ෂ 98 ,801 දක්වා ඉහළ ගියා. තවත් කොරෝනා ආසාදිතයන් 2,386 ක් ඊයේ සුවය ලබා රෝහල් වලින් පිටව මිය ගොස් තිබෙනවා. ඒ අනුව, සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 346,767 ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
පසුගියදා මතුගම - යටදොල ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් ලග තබා ගැනීම මත අත්අඩංගුවට ගෙන පොලීසිය රැගෙන එමින් සිටියදී මිය ගිය බව කියන 40 හැවිරිදි සැකකරු කොරෝනා ආසාදනය වීමත් සමග ඇතිවූ සංකූලතාවයක් හේතුවෙන් මිය ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.
ඒ මෘත ශරීරයට සිදු කල කොරෝනා පරීක්ෂණ වල වාර්තා නිකුත් වීමත් සමගයි. මේ අතර, දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථානය අදත් විවෘත කර තබන ලෙසයි කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුම් දුන්නේ. එසේම කොළඹ දිස්ත්‍රික්කයේ ආර්ථික මධ්‍යස්ථාන ලබන සෙනසුරාදා සහ ඉරිදා දින ද විවෘතව තැබෙන බව දිස්ත්‍රික් ලේකම් ප්‍රදිප් යසරත්න කියා සිටියා.
කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ වැඩසටහන් අද දිනයේදීද ක්‍රියාවට නැංවෙනවා. වයස අවුරුදු 60ට වැඩි සියලු ජනතාව එන්නත් කිරීමේ වැඩසටහන යටතේ අවුරුදු 60ට වැඩි සියලු පූජ්‍ය පක්ෂයද එන්නත් කෙරෙනවා.
ඒ අනුව එන්නත් මෙතෙක් ලබා ගෙන නොමැති ස්වාමීන් වහන්සේ, සිල්මෑණිවරුන් මෙන්ම හින්දු, මුස්ලිම් හා කතෝලික පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේ වෙත බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යංශය දැනුම් දෙන්නේ තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරුන් හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කරන ලෙසටයි.
මේ අතර, නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 705 ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමත් සමග මෙලෙස අත්අඩංගුවට පත්වන පිරිස දිනෙන් දින ඉහළ ගිය අතර මීට පෙර එම සංඛ්‍යාව වාර්තා වූයේ පුද්ගලයින් 639ක් ලෙසය. ඒ අනුව නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 58,414කි.
මේ අතර බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 13ක ස්ථාපිත කර ඇති මාර්ග බාධකවලදී ඊයේ දිනය තුළ වාහන 1,028 ක් සහ පුද්ගලයන් 1,807 ක් පරීක්ෂාවට ලක්කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |