ඔබත් මේ රෝගයෙන් පෙළෙන්නේ නම් දැඩි අවදානමක..මේ ගැන දැනුවත් වන්න..
වකුගඩු බද්ධ කර ඇති පිරිස් හැකි ඉක්මනින් කොවිඩ් එන්නත ලබා ගන්නා ලෙසත් ආසාදනය වුවහොත් අවදානම ඉතා ඉහළ බවත් දැනුම් දී ඇත.එමෙන්ම වකුගඩු රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබා නොගන්නා ලෙසත් වකුගඩු රෝග විශේෂඥ වරුන්ගේ සංගමය ඉල්ලා සිටි.
එමෙන්ම, වකුගඩු රෝගියකු කොවිඩ් ආසාදිතයකු බවට පත්වූ වහාම එම ආසාදිතයා වකුගඩු ප්‍රතිකාර ලබාගන්නා සායනය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම වඩාත් වැදගත් බව වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් සහ මාලිගාවත්ත ජාතික රුධිර කාන්දුකරණ සහ බද්ධ කිරීමේ ආයතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා පවසනවා.
ආසාදිතයාගේ සායනයෙන් ලැබෙන උපදෙස් අනුව ආසාදිතයා නිවෙස් නිරෝධානයට සුදුසුද නැද්ද යන්න පිළිබඳ තීරණයට එළඹිය හැකි බවත්, රුධිරකාන්දුකරණයට හෝ පරිතානකාන්දුකරණ ලක් කළ රෝගීන් ඇතුළු ඕනෑම වකුගඩු රෝගයකට ප්‍රතිකාර ගන්නා රෝගියකු වුවද එන්නත ලබාගත යුතු බවයි වෛද්‍යවරයා පැවසුවේ.
වකුගඩු රෝගියා නිවසේ සිටියදී සෙසු සාමාජිකයන් සෙනඟ ගැවසෙන ස්ථානවලට යෑම වැනි දේ වන්නේ නම් රෝගියා නිවසේම සිටීමෙන් පළක් නොවන බවත්, නිවසේ වකුගඩු රෝගියකු සිටින්නේ නම් සෙසු අය සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම වඩාත් වැඳගත් බව සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |