වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට..

Sri Lanka Police Sri Lanka
By krishani Sep 02, 2022 02:18 AM GMT
krishani

krishani

Report

මිද්දෙණිය සතොස්මාතාගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 47 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.

යතුරු පැදියකින් සිය බිරිඳ සමඟ ඥාති නිවසකට ගොස් නැවත පැමිණෙමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ ඔහු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර තුවාල ලැබූ මරණකරු තලාව රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් ඇත.

පොලීසිය වැඩිදුරටත් පවසන්නේ නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවය.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join