සැමියෙකු විසින් මානසික ආබාධයෙන් පෙළුණු බිරිඳව ඝාතනය කරලා - ඝාතනයට හේතුව සැමියා කියයි..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Death
By krishani Jul 19, 2023 07:48 AM GMT
krishani

krishani

Report

වසර පහක පමණ කාලයක සිට  මානසික ආබාධයකින් පෙළුණු බිරිඳව ළිඳට දමා ඝාතනය කළ සැමියකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔඩ්ඩුසුඩාන් පොලිසිය විසින් ය.

හැත්තෑ නව හැවිරිදි සැමියා සඳහන් කර ඇත්තේ, ඇයට කිසිදු කාර්යයක් තනිවම කර ගැනීමට නොහැකි නිසා මෙලෙස ඝාතනය කිරීමට පෙළඹුණු බවයි. 

අදාළ සැමියා විසින් 69 හැවිරිදි පස් දරු මවක් වන ඇය ළිඳට තල්ලු කිරීමෙන් අනතුරුව මොහු ද එම ළිඳට පැන තිබෙනවා.නමුත් ප්‍රදේශවාසීන් විසින් දෙදෙනාම ගොඩට ගෙන රෝහල් ගත කර ඇත.

එහිදී බිරිඳ මිය ගොස් ඇති අතර ඔඩ්ඩුසුඩාන් පොලිසිය විසින් සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමෙන් අනතුරුව මෙය ඝාතනයක් බවට කරුණු අනාවරණය කරගෙන ඇත.

කෙසේ වෙතත්, ඔඩ්ඩුසුඩාන් පොලිසිය විසින් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

ReeCha