මිත්තනියගේ හිස බිම ඇන ඝාතනය කළ මුණුබුරා.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime Death
By krishani Jun 30, 2023 01:59 AM GMT
krishani

krishani

Report

කෑගල්ල - හෙට්ටිමුල්ල කවුඩුළුගම ප්‍රදේශයේ තරුණයෙකු සිය මිත්තණියගේ හිස බිම ඇන ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වේ.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ මතට ඇබ්බැහි වූ තරුණයෙක් විසින් ය.

එම සිද්ධියෙන් මිය ගිය 85 හැවිරිදි කාන්තාවක් ය.

ඇය තම සැමියා සමග නිවසේ තනිව ජීවත්ව සිට ඇති අතර පෙරේදා (28) රාත්‍රි ඇයගේ දියණියගේ 29 හැවිරිදි පුත්‍රයා පැමිණ මුදල් ඉල්ලා ඇයට කරදර කර තිබෙනවා.

එහිදී මුදල් නොමැති බවට ප්‍රකාශ කළ අවස්ථාවේ එම තරුණයා මිත්තණියගේ හිසකෙස්වලින් අල්ලා හිස බිම ඇන ඇයට පහරදී ඇත.

පසුව ඔහු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර පොලිසිය සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

කෙසේවෙතත්, මීට පෙර මවට සහ පියාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද සැකකරු පොලිස් අත්අඩංගුවේ සිට ඇත.