මැරිලත් නිදහසක් නෑ - ආදාහන ගාස්තු අහසට

Report

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව පවසන්නේ , බණ්ඩාරගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පොදු සූසාන භූමියක මළ සිරුරක් භූමදානය කිරීමට සහ ආදාහනය කිරීමට අයකරන ගාස්තු සහ ත්‍රී රෝද රථ බලපත්‍ර ගාස්තු ද ඇතුළු සභාව සතු භූමි පොදු කටයුතු සඳහා ලබාදීමේදී අයකරන ගාස්තු සියල්ල වැඩි කිරීමට සභා අනුමැතිය හිමිවූ බවයි.

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පොදු සූසාන භූමි 26 ක් පමණ ඇති අතර එකී සූසාන භූමියක මෘත දේහයක් භුම දානය කරන්නේ නම් 2026 වසරේ සිට රුපියල් 500 ක මුදලක් සභාවේ ආදායම් පරීක්ෂකට ගෙවා අධීක්ෂණය යටතේ අදාළ සුසාන භූමියේ ස්ථානයක් වෙන් කර ගත යුතුව ඇත.

මෙන්න මෙයාලට රජයෙන් රුපියල් 5,000ක දීමනාවක් දෙනවලු

මෙන්න මෙයාලට රජයෙන් රුපියල් 5,000ක දීමනාවක් දෙනවලු

මෙතෙක් කලක් ප්‍රාදේශීය බල ප්‍රදේශය තුළ මෘත දේහයක් ආදාහනය කිරීම සඳහා අය කළ රුපියල් 10000/= ක මුදල 12000/= ක් දක්වා ද, ප්‍රාදේශීය බල ප්‍රදේශයෙන් පිටත මෘත දේහයක් ආදහනය කිරීම සඳහා අයකළ රුපියල් 12000/= ක මුදල රුපියල් 14000/= ක් දක්වා ද ඉහළ නංවා ඇත.

වාර්ෂික ත්‍රිරෝද රථ බලපත්‍ර ගාස්තුව රුපියල් 500/= සිට 1000/= දක්වා වැඩි කර ඇති අතර ප්‍රාදේශීය සභාවට අයත් භූමියක් වි‍විධ උත්සව හා රැස්වීම් සඳහා දීමේ ගාස්තු ද 2026 වසරේ සිට ඉහළ නංවා ඇත.

ඒ අනුව මෙතෙක් කලක් දිනකට අය කළ රුපියල් 3000/= ක සහ 10 % ක මුද්දර ගාස්තුව 2026 වසරේ සිට දිනකට රුපියල් 5000/= ක් දක්වා ඉහළ නංවා 10% මුද්දර ගාස්තුවක් ද එක් කර ඇති අතර මේ පිළිබඳව බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති සමින් ජයගේ මහතා මෙසේ පැවසීය.

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

සාමාන්‍යයෙන් මළ සිරුරක් ආදාහනය කරන්න රුපියල් 15900/= ක පමණ මුදලක් වැය වෙනවා. ආදාහනාගාර ගාස්තු වැඩි කළත් රුපියල් 1900/= ක පාඩුවක් ප්‍රාදේශීය සභාව දරා ගනිමින් තමයි මෘත දේහයක් ආදාහනය කරන්නේ. සේවක වැටුප් ස අනෙකුත් නඩත්තු වලටත් විශාල මුදලක් වැය වෙනවා. මහජන සේවාවක් විදියට රුපියල් 2000 කට ආසන්න පාඩුවක් දරමින් තමා මේ සේවාව ලබා දෙන්නේ. ඉකුත් කාලය පුරා ආදාහනාගාර නිසි පරිදි නඩත්තු කරල නෑ. සාමාන්‍ය විදියට මළ සිරුරු 100 ක් ආදාහනය කළායින් පස්සේ දින 45 ක් ඇතුළත නඩත්තු කරන්න ඕනෑ.සේවා ගිවිසුමකට යන්නත් සැලසුමක් තියෙනවා. වියදමට සාපේක්ෂවයි මේ මුදල් වැඩි කළේ. ලාභයක් අපේක්ෂාවෙන් සේවා සපයන්නේ නෑ. ජනතාවට ඉහළම සේවාවක් ලබාදීමට මෙම මිල ඉහළ නැංවීම් සම්බන්ධයෙන් කළුතර සහකාර පළාත් පාලන කොමසාරිස්වරයාගේ අනුමැතිය ලබා ගැනීමටද කටයුතු කරනවා යැයි පැවසී