මගේ ගේ ඕනෙ නම් මම දීලා එළියට බහිනවා එහෙම නැතුව දේපළ ඇතෑරලා ෆුල් ටයිම් දේශපාලනේ කරන්න පිස්සෝ - ලාල්කාන්ත
කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින් පක්ෂයට අවශ්‍යතාවයක් ඇත්තේ නම් තමන් සතු සියලු දේපළ විකුණා පක්ෂයට ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත.
එසේම පක්ෂයට පූර්ණ කාලීව පැමිණෙන පුද්ගලයන්ට යමක් කමක් තිබිය හැකි බවත් ඔවුනට ඒවා නඩත්තු කරමින් පූර්ණ කාලීන දේශපාලනය කළ හැකි බවද අමාත්‍යවරයා පවසයි.
එසේ නොමැතිව එම සියලු ඉඩකඩම් දේපළ අතහැර දමා පූර්ණකාලීනව දේශපාලනය කරන්නේ නම් ඒ තැනැත්තා පිස්සෙක් විය යුතු බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.
තවද රජයේ උවමනාවකට හෝ ජාතික උවමනාවකට අවශ්‍ය නම් තමන් දැනට සිටින නිවස වුවද රජයට භාරදී එළියට බැස යාමට තමන් සූදනම් බවත් ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියා.
කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා මෙම අදහස් පළ කර තිබුණේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින්.
එම සාකච්ඡාවේ කොටසක් පහතින්,
" මම එකක් කියන්නම් දැනුත් අදත් මගේ පක්ෂෙට මා සතුව තියෙන පුද්ගලික ධනයක් අවශ්‍ය වුණොත් ඔක්කොම විකුණලා හරි දෙනවා. ඒක කියන එක කයිවාරුවකට එහෙම නෙමෙයි. අපි එහෙම කරලා තියෙනවා අවශ්‍ය නම්. දැන් මේ රජයේ උවමනාවකට හරි මම ඉන්න පුද්ගලික ගේ හරි ජාතික වශයෙන් අවශ්‍ය වෙලා තියෙනවා නම් මම දීලා එළියට බහිනවා. එහෙම අපිට පුළුවන් එහෙම බැරිකමක් නෑ"