තවත් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට
අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 70,200ක් අද (19) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ මෙරටට හිමිවූ මොඩර්නා එන්නත මධ්‍යම පළාතේ ජනතාවට ලබාදීම ඊයේ (18) ආරම්භ විය.
මේ යටතේ මහනුවර,මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවල වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත්කරණය සිදුකෙරේ. මහනුවර කෙන්ගල්ල ප්‍රදේශයෙන් එන්නත්කරණ කටයුතු ඊයේ පෙරවරුවේ ආරම්භ වු බව වාර්තාකරු පැවසුවේය.
මේ අතර සීගිරිය ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නියුතු පුද්ගලයින්ට ද මොඩර්නා එන්නත ලබාදීම අද ආරම්භ කර තිබේ. අමෙරිකාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම හරහා යොමුකළ මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක තොගයක් පසුගිය 16වනදා මෙරටට ලැබී තිබුණි.
මේ අතර යුද හමුදාවේ මැදිහත්වීමෙන් සිදුකරන එන්නත්කරණ වැඩසටහන් අදත් දිවයිනේ ස්ථාන කිහිපයකදීම ක්‍රියාත්මක කෙරුණි කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ (17) දිනය තුළ සයිනොෆාම් හා ෆයිසර් යන එන්නත්වලින් පළමු හා දෙවන මාත්‍රා ලෙස ලබාදී ඇති සමස්ත මාත්‍රා ගණන 167,462 ක් බව වසංගත රෝග විද්‍යා අංශ වාර්තාවේ දැක්වේ.
මේ දක්වා කොවිඩ් මර්දන එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 5,578,909ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 1,668,074 කි.
වයස අවුරුදු 12ට වැඩි පාසල් ළමුන් සඳහාද කොරෝනා මර්දන එන්නත් ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට සලකා බලමින් පවතින බව රාජ්‍ය ආමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |