නීති විරෝධීව දරුවන්ට කොවිඩ් එන්නත් ලබා දෙන මධ්‍යස්ථානයක් (VIDEO)
නීතිවිරෝධී අයුරින් වයස් සීමාව නොතකා දරුවන් පිරිසකට ෆයිසර් එන්නත ලබාදුන් එන්නත් මධ්‍යස්ථානයක් පිළිබඳව හලාවත ප්‍රදේශයෙන් වාර්තා වුණා. එහිදී පිට පළාත්වලින් පැමිණි පුද්ගලයින් සඳහා ද එන්නත් ලබාදී ඇති බවටයි වාර්තා වුණේ.
හලාවත - කොක්කාවිල රජයේ විද්‍යාලයේදී ඊයේ ක්‍රියාත්මක වූ මෙම එන්නත් මධ්‍යස්ථානය තුලදී ෆයිසර් එන්නත ලබාදී තිබෙනවා. කෙසේ වෙතත්, එහි පැමිණි පිරිස් චෝදනා කළේ මෙම මධ්‍යස්ථානය නිසි ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක නොවන බවයි. එසේම, ආනමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අවුරුදු 60 ට වැඩි පිරිසට හා ගැබිනි මව්වරුන්ට කොරෝනා එන්නත් ලබාදීමේ වැඩසටහන් ඊයේ ක්‍රියාත්මක වුණා.
ඒ යටතේ ආනමඩුව - කන්නන්ගර විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානයේ ඉතිරි වූ එන්නත් ප්‍රමාණය අවුරුදු 30ට වැඩි පිරිස් වෙත ලබාදීමට සෞඛ්‍ය අංශ තීරණය කිරීමත් සමඟ රැස්ව සිටි පිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බව ද වාර්තා වුණා.
මේ අතර, දංකොටුව - මැටිකොටුව ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ පැවති එන්නත්කරණ වැඩසටහනකදී තමන්ට අසාධාරණයක් වූ බව පවසා පුද්ගලයෙකු දංකොටුව පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් දෙලක්ෂ 39,650 කට ඊයේ දිනයේ කොරෝනා එන්නත් ලබා දී තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 15,548 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 93,434 දෙනෙකුට ලබා දී ඇති බවයි.
එමෙන්ම, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව 6332 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 805 දෙනෙකුට ලබා දී තිබෙනවා. එමෙන්ම, මොඩර්නා එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ 73,308 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 48,320 දෙනෙකුට සහ දෙවන මාත්‍රාවද 196 කට ලබාදී තිබෙනවා.
මෙරට තුල සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට 7948 දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයින් සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ හාර ලක්ෂ 7768 ක්. කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 114 දෙනෙකුට පසුගිය පළමුවනදා සිට ඊයේ දක්වා කාලය තුල කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |