ඔබට ආසාදනය වුවහොත්? අවදානමට පෙර මෙය කල් තියාම දැන ගන්න
කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් අනිවාර්යයෙන් දිනකට ජලය ලීටර දෙකකට වඩා පානය කළ යුතු බව කොළඹ වෛද්‍යපීඨයේ පෝෂණවේදය පිළිබද මහාචාර්යය විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන මහතා පවසනවා. එසේ නොවුනහොත් එම ආසාදිතයින් විජලන තත්වයට පත්වීමේ අවදානමක් ඇති බවයි
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරයා පැවසුවේ. පිටවන මුත්‍ර වල වර්ණය තද පැහැ වැඩි නම් පැය කාලෙන් කාලට වත් ජලය පානය කළ යුතු බවයි වෛද්‍යවරයා අවධාරණය කළේ.
කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් විජලනයෙන් වැළකීම පිණිස මෙම ක්‍රමය අනුගමනය කළ යුතු බවද මහාචාර්යය විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවා.
කොරෝනා රෝගයෙන් ආරක්ෂා විමට නම් ගන්නා ඖෂධ වලට අමතරව දෛනිකව පෝෂදායි ආහාර වේලක් ලබා ගැනිම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන කියා සිටියේ වෛසරය ආසාදිත වු පුද්ගලයන් ද සමබර ආහාර වේලක් ලබා ගැනිම අනිවාර්ය බවයි.
මේ අතර, කොවිඩ් ආසාදිතව නිවෙස්වල සිටින පිරිස් සඳහා ආයුර්වේද ඖෂධ ලබාදීම දිස්ත්‍රික්ක කිහිපයකදීම අද (23) ආරම්භ වුණා. මේ අතර, විශේෂ ප්‍රතිකාර ඒකකවල ප්‍රතිකාර ලබන අසාද්‍ය තත්ත්වයේ කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍යවන ඔක්සිජන් උණුසුම් කර ලබාදෙන උපකරණයක් ගුවන් හමුදාව විසින් නිපදවා ඇති අතර එය නාගොඩ රෝහල වෙත භාර දුන්නා.
එසේම,ගර්භණී කාලය සති 26 ඉක්මවූ මව්වරුන්ට කොවිඩ් ආසාදනය වුවහොත් අනිවාර්යෙන්ම රෝහල් ගත විය යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් කොළඹ අද (23) පැවැති මාධ්‍ය හමුවක දී පැහැදිලි කළා.
මේ අතර, තවත් කොරෝනා ආසාදිතයන් 2,222 ක් සුවය ලබා රෝහල් වලින් අද (23) පිටව ගියා. ඒ අනුව, සුවය ලැබූ මුලු ආසාදිතයන් සංඛ්‍යාව තුන්ලක්ෂ 44,381 ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ. අද පස්වරුවේ තවත් කොරෝනා ආසාදිතයින් 4,353 දෙනෙකු වාර්තා වූ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් ශාඛාවද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබූ අතර එහිදි ඔවුන් චෝදනා කළේ කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය නිර්වින්ද ඖෂධවල හිඟයක් පවතින බවයි. කොරෝනා දත්ත වාර්තා කිරිමේදි ඇති වු ගැටළුකාරී තත්ත්වයන් මීට පසු ඇති නොවන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව කියා සිටියේ.
මේ අතර කොළඹ ජාතික රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා පමණක් ප්‍රතිකාර කරනු ලබන වාට්ටු සංඛ්‍යාව 18 දක්වා ඉහළ ගොස් ඇති බවයි එහි ජාතික පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා සඳහන් කළේ.
එසේම, කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කිරීමට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි වී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |