කොවිඩ් එන්නත් දෙකම ගත් බවට කාඩ්පත නොමැති අයට තහනමක්
By Sithumi
කොවිඩ් එන්නත් මාත්‍රා දෙක ලබා නොගත් පුද්ගලයින්ට පොදු ස්ථානවලට ඇතුළුවීම වාරණය කරමින් නීතිමය තත්ත්වය ගෙනඑන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් ඊයේ නීතිපතිතුමාගෙන් පිළිතුරු ලැබුණු බවය. "නීතිපතිතුමාට ලිව්වා.
ඊයේ ඒකට පිළිතුර ඇවිත් තියෙනවා. නීතිමය තත්ත්වයන් තුළ පොදු ස්ථානවලට එන්නත් කාඩ්පත අනිවාර්යය කරනවා. ඒ එන්නත් දෙකම නැත්නම් පොදු ස්ථානවලට ඇතුළුවීමට වාර්ණයක් අපි ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා."
