ලංකාවේ වැඩිම පිරිසක් ගහපු එන්නතක් ගැන නවතම වාර්තාවකින් හෙළිවූ දේ.
“සිනෝෆාම්” එන්නත අවුරුදු 3 -17 අතර දරුවන්ට ආරක්ෂාව ලබාදෙන බව නවතම පරීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
මෙම පරීක්ෂණයේ දත්ත ප්‍රකට ලැන්සෙට් සඟරාවේ පළවී තිබෙනවා.
එම එන්නත මගින් අවුරුදු 3 -17 අතර දරුවන්ගේ ශරීරය තුළ ප්‍රමාණවත් ප්‍රතික්ශක්තියක් ඇති කරන බවයි එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ.
එන්නත් මාත්‍රා දෙකකින් යුත් මෙම “සිනෝෆාම්” එන්නත චීනයේ වැඩියෙන්ම භාවිත කරන එන්නතයි.
කොවිඩ් 19 වෙනුවෙන් චීනයේ “සිනෝෆාම්” සමූහය විසින් මෙම එන්නත නිෂ්පාදනය කරනවා.
මේ වන විටත් අවුරුදු 12ට වැඩි දරුවන් සඳහා එම එන්නත ලබාදීම එරට ආරම්භ කර තිබෙනවා.
“සිනෝෆාම්” එන්නත දරුවන් සඳහා භාවිත කිරීම පරීක්ෂා කිරීම වෙනුවෙන් පළමු පරීක්ෂණයට දරුවන් 288ක් හා දෙවැනි පරීක්ෂණයට දරුවන් 720ක් යොදාගෙන තිබුණ අතර ඉන් එක් දරුවෙකුට පමණක් ආසාත්මිකතා (Allergy) තත්ත්වයක් ඇතිව තිබුණා.
කෙසේ වෙතත් ඔහුට මීට පෙර ආහාර ආසාත්මික (Allergy) තත්ත්වයන්ද ඇතිව තිබුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |