එන්නත්කරණය ලැබු,නොලැබූ සියල්ලට විශේෂ දැනුම් දීමක්..

Corona Sri Lanka Healthy Vaccines Suneth agampodi
By Aruna Sep 23, 2021 05:30 AM GMT
Aruna

Aruna

Report

කොරෝනා එන්නත් මාත්‍රා දෙක ම ලැබුව ද, සෞඛ්‍ය මාර්ගෝපදේශ නො පිළිපදින පුද්ගලයින්ට, වෛරසය ආසාදනය වීමේ ඉහළ හැකියාවක් පවතින බව ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය සුනෙත් අගම්පොඩි පවසනවා.

ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, නව අධ්‍යයනයන්ට අනුව සම්ප්‍රේෂණය වැළැක්වීමේ මූලික පුරුදු නො පිළිපදින පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ට ද කොරෝනා වෛරසය ආසාදනය වීමේ 65%ත්, 70%ත් අතර ඉහළ අවස්ථාවක් පවතින බවයි.

එන්නත්කරණය මඟින් රෝගී තත්ත්වය බරපතළ වීම සහ මරණය වැළැක්වූව ද ප්‍රචාරණය වළකන්නේ නැහැ.

මෙය සියල්ලන්ට පැහැදිලි පණිවුඩයක් ලබාදෙන බවයි මහාචාර්ය අගම්පොඩි වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගැනීම මගින් ලිංගික සෞඛ්‍යයට කිසිදු අහිතකර බලපෑමක් සිදු නොවන බව ජාත්‍යන්තර පර්යේෂණවලින් පවා තහවුරු වී ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

සමාජ මාධ්‍ය හෝ වෙනත් මාධ්‍යයන් තුල ප්‍රචාරය වන පදනමක් නොමැති තොරතුරුවලට නොරැවටී කොවිඩ් මර්දන එන්නත ලබාගන්නා ලෙසයි විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට ජනතාවගෙන් ඉල්ලා සිටයේ.

වයස අවුරුදු 20 ට වැඩි කාණ්ඩය එන්නත් කිරීමේ කටයුතු මේ වනවිට සිදුවනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now