දරුවන්ට එන්නත් ලබාගැනීම සඳහා ලියාපදිංචි වෙන්නේ මෙහෙමයි...

Sri Lanka School children Covid vaccines children register Richway arya children hospital
By Aruna Sep 23, 2021 08:43 AM GMT
Aruna

Aruna

Report

හෙට (24) සිට ඇරඹෙන වයස අවුරුදු 12ත් 19ත් අතර සංකූලතා සහිත දරුවන් එන්නත්කරණ කටයුතු සඳහා දිනයක් සහ වේලාවක් ලබාගැනීම වෙනුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෙබ් අඩවියේ ලියාපදිංචි වන්නැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා ඉල්ලීමක් කරයි.

ඒ අනුව එන්නත් ලබාගැනීමට පැමිණීමේදී දරුවාගේ සියලුම වෛද්‍ය වාර්තා ද රැගෙන ආයුතු බව අදාළ වෙබ් අඩවියේ දැක්වේ.

"හෙට දිනයේදී රිජ්වේ ආර්යා ළමා රෝහලේදී අවුරුදු 12ට වඩා වැඩි දරුවන්ට ප්‍රථම වරට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදෙනවා.

ඒ යම් යම් සංකූලතා සහ නිධන්ගත රෝග තියෙන දරුවන්ට.

එමනිසා ඔබේ දරුවන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෙබ්සයිට් එකේ ලියාපදිංචි වුණාට පස්සේ ඔබට දිනයක් සහ වේලාවක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

ඒ අනුව ඇවිත් මේ එන්නත ලබාගන්න පුළුවන්.

ඉන්පසු ලබන සතියේ සඳුදා දිනයේදී බස්නාහිර පළාත තුළත් ඉන්පසුව ලංකාවේ සියලුම මූලික රෝහල් සහ ඊට ඉහළින් තිබෙන රෝහල් තුළත් එම එන්නත ලබාදීමේ කටයුතු සිදුකරනවා," යනුවෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසීය.

ලියාපදිංචි වන්න මෙතනින් වෙබ් අඩවියට පිවිසෙන්න.




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now