මෙරට 03 න් වන එන්නත මුලින්ම ලබා දෙන පිරිස සහ කාලය මෙන්න..

Sri Lanka Covid vaccines 3rd Booster vaccines
By Aruna Oct 15, 2021 04:53 AM GMT
Aruna

Aruna

Report

මෙරට පුද්ගලයන් සඳහා තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර එන්නත් ලබාදීම නොවැම්බර් මස මුලදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අංශ පවසනවා.

එහිදී පළමුව අවුරුදු 60ට ඉහළ වැඩිහිටියන්, හෘද රෝග, වකුගඩු රෝග ඇතුළු නිදන්ගත රෝග ඇති පුද්ගලයන්ට බූස්ටර එන්නත් ලබාදීමට නියමිතයි.

කුමන එන්නතක් ලබා ගත්තද, දෙවන එන්නත ලබා දුන් දිනට මාස 06 කට පසු බූස්ටර් එන්නත ලෙස “ෆයිසර්” එන්නත ලබාදෙනු ඇති.

2022 මාර්තු මාසයට පෙර, අවුරුදු 20ට වැඩි සියළුම දෙනාට එම බූස්ටර් එන්නත ලබා දී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now