එන්නත අනිවාර්යයෙන්ම ගන්න..නැත්නම් මැරෙන්න වෙයි..අධ්‍යයනයකින් හෙළිවූ දේ..

Corona Covisheeld Covid vaccines Nileeka malawige Synofarm vaccine
By Aruna Aug 26, 2021 04:32 AM GMT
Aruna

Aruna

Report

වයස අවුරුදු 50ට වැඩි සයිනෝෆාම් එන්නත ලබා නො ගත් පුද්ගලයින් අතර වාර්තා වූ මරණ එම වයස් කාණ්ඩයේ එන්නත් ලබාගත් පුද්ගලයින්ගේ මරණ ප්‍රතිශතයට වඩා 8.1% ගුණයකින් වැඩි බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක වෛද්‍ය අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ පවසනවා.

එමෙන්ම ෆයිසර්, කොවිෂීල්ඩ් සහ ස්පුට්නික් වී යන එන්නත් ලබාගත් වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයින් අතර මෙතෙක් මරණ වාර්තා වී නොමැති බවයි ඇය පවසන්නේ.

සිනොෆාම්, ෆයිසර්, කොවිෂීල්ඩ් සහ ස්පුට්නික් වී යන විවිධ එන්නත් හතරේ සාර්ථකත්වය සැසඳීම සඳහා කළ පළමු අධ්‍යයනය උපුටා දක්වමිනු යි මහාචාර්‍යවරිය මේ අදහස් පළ කළේ.

වයස අවුරුදු 50ට අඩු එන්නත් නො කළ කොවිඩ් රෝගීන්ගේ මරණ ප්‍රතිශතය සිනොෆාම් එන්නත් කළ අයට වඩා 3.8 ගුණයකින් වැඩි බවත් මෙම අධ්‍යනයේ දී හෙලි වී තිබෙනවා.

පර්යේෂණය උපුටා දක්වමින් මහාචාර්ය මලවිගේ ප්‍රකාශ කළේ සිනොෆාම් එන්නත ලබා ගත් අය අතර පී.සී.ආර් ධනාත්මක කොවිඩ් -19 රෝගීන් අතර මරණ ප්‍රතිශතය 0.46%ක් වන අතර එය මරණ 112ක්.

එමෙන්ම ෆයිසර්/බයෝටෙක් එන්නත ලබගත් පුද්ගලයින් අතර මෙලෙස වාර්තා වී ඇත්තේ මරණ තුනක් පමණයි.

එය ප්‍රතිශතාත්මක අගයක් වශයෙන් 0.15%ක්.

ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලබාගත් පුද්ගලයින් අතරින් මෙලෙස එක් මරණයක් පමණක් වාර්තා වී ඇති අතර, එය ප්‍රතිශතයක් වශයෙන් 0.03%ක්.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මහාචාර්ය මලවිගේ පවසන්නේ “ඩෙල්ටාවට පෙර සහ පසු කාල සීමාව තුළ එන්නත් නො කළ පුද්ගලයින් හා සසඳන විට එන්නත් හතරේ ම ප්‍රතිඵල මෙම මරණ අඩු කර ගැනීමට ඵලදායී වූ බව අපි නිගමනය කළෙමු" යනුවෙන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery