දරුවන් යොදා ගනිමින් සිදුකළ කොවිඩ් එන්නතේ පරීක්ෂණ
covid19
america
vaccination
modarna vaccine
fyser vaccin
By Sewvandhi
මොඩර්නා කොවිඩ් මර්දන එන්නත අවුරුදු 12 ත් 17 ත් අතර වයසේ පසුවන දරුවන් සඳහා ඵලදායීව ක්‍රියාකරන බව අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.
අවුරුදු 12 ත් 17ත් අතර වයසේ පසුවන දරුවන් 3,732 දෙනෙකු යොදා ගනිමින් සිදුකළ පර්යේෂණයකින් මේ බව අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාවේ ජෛව තාක්ෂණ ආයතනය විසින් අදාළ අධ්‍යයනය සිදුකර තිබේ. අදාළ පර්යේෂණයේදී මොඩර්නා එන්නතෙහි මාත්‍රා දෙකම ලබාගත් දරුවන් තුළින් කිසිදු කොවිඩ් -19 රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොමැති බව සඳහන්ය. මොඩර්නා එන්නතෙහි පළමු මාත්‍රාවෙන්ම වෛරසයට එරෙහිව සියයට 93ක ඵලදායීතාවක් පෙන්නුම් කරන බව එම පර්යේෂකයින් පවසයි.
ෆයිසර් කොවිඩ් මර්දන එන්නතට අමතරව නව යොවුන් වියේ පසුවන දරුවන් සඳහා වඩාත් ඵලදායීව ක්‍රියාකරන දෙවන එන්නත මොඩර්නා එන්නත වන බව විශේෂඥයින් විසින් වැඩිදුරටත් පෙන්වාදී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |