ගර්භණී මාතාවන්ට දෙන කොවිඩ් එන්නත් වර්ගය ?
covid19
vaccination
pregnant women
sinopharm
Hemantha Hearath
By Sewvandhi
චීනයේ නිෂ්පාදිත Sinopharm එන්නත මෙරට ගර්භණී මාතාවන්ට ලබා දීමට නිර්දේශ කර ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ, අද (ජූනි 7) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය. ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල ප්‍රදේශයෙන් එළඹෙන 9 වන දා අදාළ එන්නත් ලබා දීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
"එන්නත් වර්ගය Sinopharm එන්නත තමා මේ මොහොතේ අපිට ලබා දීමට නිර්දේශ කරලා තියෙන්නේ. ඒක 9 වෙනි දා අපි ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනට සැලසුම් කරලා තියෙන විදියට කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල ප්‍රදේශයෙන් තමා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ."