වයස අවුරුදු 12ට වැඩි ළමුන්ට කොරෝනා එන්නත ලබා දෙන දිනය තීරණය වේ..දිනය..?

By Sewvandhi Sep 21, 2021 12:00 PM GMT
Sewvandhi

Sewvandhi

Report

එළඹෙන 24 වනදා සිට වයස අවුරුදු 12 ත් 19 ත් අතර ආබාධ සහිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන ළමුන් සඳහා ෆයිසර් එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ, රිජ්වේ ආර්යා ළමා රෝහලේදී එම එන්නත් ලබාදීම් කටයුතු සිදුකරන බවයි.

------------------------------------------------------

මේ වයස් කාණ්ඩ වලට සුදුසු මේ එන්නත - GMOA පැහැදිලි කිරීම:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now