රට අතිශය බරපතළ තත්ත්වයක...මුලු රටම වහන්න වෙයිද?..වෛද්‍යවරු අනතුරු අඟවයි!!!

Covid Police Sri Lanka Delta Hemantha hearth
By Aruna Jul 29, 2021 07:08 AM GMT
Aruna

Aruna

Report

රට තුළ කොවිඩ්19 රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් සහ එය පාලනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හා කොවිඩ් මර්දන අංශ ගෙන ඇති තීන්දු තීරණ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම් සඳහා අද උදෑසන ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් අදහස් ප්‍රකාශ කලා. මේ වන විට රටේ තිබෙන තත්වය ගැන කිසිසේත් සතුටු වෙන්න පුළුවන් කමක් නෑ.

ඊයේ දිනයේ රෝගීන් 1900ක් වාර්තා වෙනවා මරණ 63ක් වාර්තා වෙනවා.

දැන්ම අපි පුරෝකථනයක් කළ යුතු නැහැ, නමුත් මේ තත්වය තව තවත් වර්ධනය වී හෙට දිනයේ රෝගීන් 2000ක් ඊළඟ දිනයේ රෝගීන් 2500ක් දක්වා ගියහොත් අපි අර මැයි මාසයේ සිටි බරපතළ තත්ත්වයට නැවත යාමට ඉඩ තිබෙනවා.

එම නිසා සංචාරක සීමාවන්ට ලබා දී තිබෙන නිදහස,ආර්ථික සමාජයීය වශයෙන් ලබාදී තිබෙන නිදහස, කාලෝචිතව විනයගරුකව භාවිතා කර රෝගය වැලඳීම අවම කර ගැනීමට කටයුතු කරන ලෙස ඉතාම බැගෑපත්ව ඉල්ලා සිටිනවා.

කාර්යාල වල සුපිරි වෙළඳ සැල් වල පහුගිය කාලයේ තිබුණු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රමයෙන් අඩුවෙලා ගිහිල්ල තිබෙන ආකාරයක් දකින්නට පුළුවන්. අත සෝදාගෙන ඇතුළු වීම, උෂ්ණත්වය පරික්ෂා කිරීම විස්තර සටහන් කර ගැනීම් වැනි කාරණා නිසියාකාරයෙන් සිදු නොවන බවක් පේනවා.

එම කටයුතු ඒ ආකාරයෙන්ම අඛණ්ඩව පවත්වාගැනීමට කටයුතු කළ යුතුයි.

එහෙම නැති වුනොත් සමාජීය වශයෙනුත් ආර්ථික වශයෙනුත් සීමාවන් පනවන්නට සිදුවීම නොවැලැක්විය හැකි කරුණක් වේවි.

අපට හැමදාම රට වහලා තියා ගන්න බෑ සමාජයීය ආර්ථික කටයුතු සඳහා රට විවෘත කළ යුතුයි.

ඩෙල්ටා වෛරසයෙන් බලපෑමක් අපට ඇති වන්නේ නෑ අපි රෝගය නිසියාකාරයෙන් වළක්වා ගැනීමට කටයුතු කරනවා නම් යනුවෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha