මෙරටින් නව ප්‍රභේද දෙකක් ආසාදිත වවුලන් - මිනිසුන්ට බෝ වීමේ අවදානමක් ?
sri lanka
Corna virua
University of colombo
By Sithumi
කොළඹ විශ්වවිද්‍යාලය සහ ජර්මනියේ රොබට් කොක් ආයතනය සිදුකරන ලද පර්යේෂණයකදී ලංකාවේ වවුලන්ගේ මලපහවල ඇල්ෆා සහ බීටා කොරෝනා වෛරස් ප්‍රභේද ඇති බව හඳුනාගෙන තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂිකා තේජානි පෙරේරා සඳහන් කළේ වවුලන් 395කින් ලබාගත් සාම්පලවල සිදුකළ PCR පරීක්ෂණ අනුව වෛරසය ඇති සාම්පල 33ක් හඳුනාගත් බවය.
ඇල්ෆා සහ බීටා කොරෝනා වෛරස ශ්‍රී ලංකාවේ වවුල් විශේෂ දෙකකින් අප හඳුනාගනු ලැබුවා. වවුලන් 395කින් ගත් PCR සාම්පල අනුව 33කින් ඇල්ෆා සහ බීටා කොරෝනා වෛරස අපි හඳුනා ගත්තා. වවුලන්ගෙන් මිනිසුන්ට මෙම වෛරසය සම්ප්‍රේෂණය වන බවට ශ්‍රී ලංකාවේ මෙතෙක් තහවුරු කරගෙන නෑ."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |