යළි හිස ඔසවන කොවිඩ් හතුරා

covid19 coronavirus sinhalanews gagananews srilankanws
By Gagana Nov 25, 2021 12:19 AM GMT
Gagana

Gagana

Report

ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රීතව කොරෝනා රෝග ව්‍යාප්තියේ ඉහල යාමක් නිරීක්ෂණය වන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය කියා සිටියේ අසාමාන්‍ය ලෙස කොරෝනා රෝගින් ඉහල ගියහොත් යලිත් රට තුළ සීමා පැණවීමට අකමැත්තෙන් වුවත් සිදුවන බවයි.

පසුගිය සමයට සාපේක්ශව මුඛාවරන පැලදීම , මුහුනු ආවරණ පැලදීම අවම වීමත් සහ අනාරක්ශිත ලෙස විනෝද චාරිකා ආදියෙහි නියැලීම මෙයට මූලිකව ම බලපාන්නට ඇතැයි අපිට පූර්ව නිගමනයන්ටද එලඹිය හැකිය.

තව දුරටත් අදහස් දැක්වූ ඇය මෙරටින් වාර්තා වි ඇති කොරෝනා මරණ අතරින් 10837 ක් වයස අවුරුදු 60 ට වැඩි අය බවද පෙන්වා දුන්නා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාද මෙම මාධ්‍ය හමුවට එක්වුනා.එළඹෙන උත්සව සමය වෙනුවෙන් සිදු කරන සියළු කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඉටු විය යුතු බවයි ඔහු අවධාරණය කළේ.