ළමා නිවාසයකින් විශාල Covid පොකුරක්
COVID19
BANDARAWELA
SUJATHA
CHILDREN HOME
By Sewvandhi
වයස අවුරුදු 5ට අඩු දරුවන් රැකබලා ගන්නා ළමා නිවාසයක දරුවන් 11 දෙනෙකු ඇතුළු 51 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට අද (05) හඳුනාගෙන තිබේ.
ඒ එහි සේවිකාවක් කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමත් සමග අනෙකුත් අය සඳහා සිදුකර තිබූ ඇන්ටිජන් පරීක්ෂණවලදීය. බණ්ඩාරවෙල සුජාතා සෙවන ළමා නිවාසයේ මෙම කොවිඩ් අවදානම මතුව තිබේ.
බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් අද දිනයේ එම ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර ඇත.
එහිදී කුඩා දරුවන් 11 දෙනාට අමතරව සේවිකාවන් 6ක්, ගුරුවරුන්, ආපනශාලාවේ දෙදෙනෙකු සහ අධිකරණ නියෝග මත රඳවා සිටි දරුවන් 7 දෙනෙකු ඇතුළු පිරිසක් එළෙස කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
--------------------------------------------------
You may like this video
සුනිල් පෙරේරා ක්ශේත්‍රයට අලුතෙන් එන අයව පහත් කරලා සැලකුවේ නෑ. - නවක ගායිකාවක් කියන කතාව-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
