covid ආසාදිතයින් එකවරම වැඩිවේ, අද වාර්තා වූ ගණන

By Sithumi Nov 13, 2021 02:09 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මුල් වතාවෙ වාර්තා වූ ආසාදිතයින් 512 දෙනාට අමතරව තවත් ආසාදිතයින් 204 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

ඒ අනුව අද දිනයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 716 දක්වා ඉහළ යනවා.

එමෙන්ම,ඊයේ දිනයේ මෙරටින් තවත් covid ආසන්න මරණ 22ක් වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සදහන් කරනව.

ඒ අනුව මෙරට සමස්ත covid මරණ සංඛ්‍යාව 13,972 දක්වා ඉහළ යනවා.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 381 දෙනෙකු අද (13) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 523,503ක් දක්වා ඉහළගොස් තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now