එක් ප්‍රදේශයකින් එකවරම කොවිඩ් ආසාදිතයන් රැසක්

sri lanka Sri lanka covid patients corona virua
By Sithumi Nov 01, 2021 11:03 AM GMT
Sithumi

Sithumi

Report

ආනමඩුව ප්‍රදේශයේ පිහිටි පිරිවෙනක නේවාසිකව අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 16 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට අද (01) දහවල් හඳුනාගත් බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

එම පිරිවෙනේ ශිෂ්‍ය ශික්ෂූන් වහන්සේලා 65 දෙනෙකු සහ ගිහි දරුවන් 10 දෙනෙකු අධ්‍යාපනය ලබති. මෙම පිරිවෙනේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 03 දෙනෙක් පසුගිය 31 වනදා රෝගී තත්ත්වයක් පෙන්නුම් කර තිබුණි. 

 පසුව සෞඛ්‍ය නිලධාරීන් විසින් රෝගී භික්ෂූන්වහන්සේලා සහ සෙසු පිරිස රැෆිඩ් ඇන්ටජන් පරීක්ෂණයක් සඳහා අද යොමු කළ අතර එහිදී එම ආසාදිතයින් හඳුනාගෙන ඇත. ඒ අනුව එම පිරිවෙනේම ආසාදිත භික්ෂූන් වහන්සේලා නිරෝධායනය සඳහා යොමු කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now