මරණ අඩු වුණද ආසාදිතයින් වැඩි වේ. - අද තත්වය
srilanka
Covid deaths
corona vorus
By Sithumi
අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 453 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 531,523ක් දක්වා ඉහළගොස් තිබේ
එමෙන්ම, කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 316 දෙනෙකු අද (17) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 492,621ක් දක්වා ඉහළගොස් තිබේ
තවද, තවත් කොවිඩ් මරණ 12ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඊයේ (16) දින තහවුරු කර ඇති එම මරණ 12ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,484ක් දක්වා ඉහළගොස් ඇත.
එම මරණ අතරට කාන්තාවන් 4ක් සහ පිරිමි පුද්ගලයින් 8ක් අයත්ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |