covid ආසාදිතයින් එකවරම වැඩිවේ, අද වාර්තා වූ ගණන

Sri lanka covid 19 Corona virua
By Sithumi Aug 24, 2021 12:39 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 3315 ක් හදුනා ගෙන  ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි

කොවිඩ් -19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා ඖෂධවලට අමතරව පෝෂ්‍යදායි ආහාර ලබාගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව වෛද්‍යවරුන් පෙන්වාදෙයි.

මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන මහතා සඳහන් කළේ ආසාදිත වු පුද්ගලයින් වැඩි වශයෙන් පලා වර්ග සහ පළතුරු ආහාරයට එක්කර ගතයුතු බවය. 

 "මේ වෛරසයට විශේෂ බෙහෙතක් නෑ. අපිට තියෙන ඒකම විසඳුම අපේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න ඒක තමයි. අපේ මානසික සෞඛ්‍ය පවා බලපානවා මේකට. උදේ, දිවා, රාත්‍රී ආහාර නොවරදවාම ගන්න. අපේ ආහාර වේලට ප්‍රධානවම තියෙන්න අවශ්‍යයි පිෂ්ඨය සහිත ආහාර. විටමින්.. ඒවා ලැබෙන්නේ එළවළු පළතුරුවලින්. විටමින් C ප්‍රතිශක්තියට ගොඩාක් වැදගත්. දවස පුරා එළවළු වර්ග 3ක්වත් ගත්ත ද කියලා බලන්න. ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි.

බිස්කට්, කේක් නැත්නම් පැණිරස කෑමවර්ග..මේවාවල පෝෂ්‍ය සංඝටක ගත්තොත් ගොඩාක් නරකයි. පළතුරු, කිරි, ඇට වර්ග අතරමැද ගන්න පුළුවන්." මේ අතර කොවිඩ් -19 වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ආයුර්වේද ඖෂධ මංජුසාවක් නොමිලේ ජනතාව වෙත බෙදාදීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ආයුර්වේද කොමසාරිස් මහාචාර්ය ධම්මික අබේගුණවර්ධන මහතා සඳහන් කළේ පවුල් ලක්ෂ 25ක් සඳහා පළමු වරට මෙම ඖෂධ මංජුසාව ලබාදීමට සැලසුම් කර ඇති බවය. "මේ මංජුසාවේ ප්‍රතිශක්ති වර්ධක ඖෂධ වර්ග කිහිපයක්ම තියෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now