මෙරටට රැගෙන එන වැඩිම එන්නත් තොගය

Sri lanka covid vaccsine cyinopham
By Sithumi Jul 10, 2021 11:50 AM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් -19 මර්දනය සඳහා වූ සයිනොෆාම් එන්නත් මිලියන 02ක් මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 02ක් චීනය බලා පිටත්ව ගොස් තිබේ.

එය මේ දක්වා මෙරට ට එකවර රැගෙන එන වැඩිම එන්නත් තොගය බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 

හෙට (11) උදෑසන අදාළ ගුවන් යානා යළි මෙරටට ළඟා වීමට නියමිත බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.