ඉදිරි සති කිහිපය ඉතා තීරණාත්මකයි -GMOA

sri lanka covid 19 GMOA GMOA warning sri lanka GMOA
By Sithumi May 22, 2021 09:51 AM GMT
Sithumi

Sithumi

Report

ඉදිරි සති කිහිපය ඉතා තීරණාත්මක වන බවත් එම කාලය තුළ දී අපගේ ඉරණම තීරණය වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ හෙයින් සෞඛ්‍ය අංශ, රජය සහ ආරක්ෂක අංශ ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාවගෙන් ඉල්ලා සිටී. එසේ නොවුණහොත් ඉතා භයානක තත්ත්වයක් ඇති වියහැකි බව එම සංගමය සඳහන් කළේය. අද (22) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මේ බව සඳහන් කළේය.

වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසා සිටියේ රජය, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මෙන්ම ජනතාවද එකාමෙන් මේ මොහොතේ සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව ක්‍රියාකළ යුතු බවය. එම පාර්ශව තුනෙන් කවුරු හෝ ක්‍රියකාරිත්වය අඩු කළොත් එය බරපතළ තත්ත්වයකට ඇදගෙන යාමක් විය හැකි බව කොළඹගේ මහතා පෙන්වාදුනි. නිසි උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් මෙය පාලනය කරගත හැකි හෙයින් පවතින දැඩි සංචරණ සීමා අතර දවසකට එය ඉවත් කිරීමෙන් තම තමන්ට අවශ්‍ය පරිදි හැසිරීමට ඉඩක් ලබාදී නොමැති බවත් අත්‍යවශ්‍ය දෙයක් සඳහා පමණක් නිවසින් බැහැරට පැමිණ කොවිඩ් මර්දන වැඩපිළිවෙලට සහය වන ලෙස ඔහු ජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටියේය.

“මේ වෙද්දී රෝහල් ධාරිතාවය ඉක්මවා යමින් තිබෙන්නේ. සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉතා අපහසුවෙන් කටයුතු අක්රමින් ඉන්නේ. එම නිසා මේ තත්ත්වය තේරුම් ගෙන වැඩකරන්න. මේ වෙද්දී වසංගතයේ දරුණු බව එන්න එන්නම පෙනෙන්න තිබෙනවා. ආසාදිතයින් මෙන්ම මරණ වැඩි වෙලා තියෙනවා. මරණ 40 සීමාව ඉක්මවා යාම කියන්නේ සුළුවෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා තමයි සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න කියන්නේ. විශේෂයෙන් නාගරික ප්‍රදේශවල සිට ග්‍රාමීය ප්‍රදේශදක්වාම දැන් මෙය පැතිරෙමින් තිබෙනවා. මේ වෙලාවේ විශේෂයෙන් දරුවන් කෙරෙහි වැඩි අවදානයක් යොමුකරන්න. ඒවගේම දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැන සිතා දවසම රූපවාහිනිය හෝ දුරකථන ඉදිරියේ නොසිට ඵලදායී ලෙස වැඩ කරන්න. මේ වසංගත තත්ත්වයත් එක්ක ආර්ථික අර්බුද, ආහාර අර්බුද වගේ තත්ත්වයන් මතු වෙන්න පුළුවන්. ඒ නිසා කාලය ඵලදායී ලෙස යොදවන්න.“


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  


Join now