රට පුරා තැන තැන කොවිඩ් පොකුරු ගණනාවක් හමුවේ.

Corona virus lockdown Sri lanka covid 19 Isolated
By Sithumi Aug 17, 2021 01:16 PM GMT
Sithumi

Sithumi

Report

පාදුක්ක ප්‍රදේශයේ සිදුකළ පීසීආර් පරීක්ෂණ 121කින් 120 දෙනෙකුම කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබේ. පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දුමිත්‍ර කහංගම මහතා සඳහන් කර සිටියේ, ඊයේ දිනයේ දී අදාළ පීසීආර් පරීක්ෂණ සිදුකළ බවය.

එහිදී පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින්, රෝහල සහ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වු රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකළ බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ 121න් 120ක් ම කොවිඩ් රෝගීන් බවට තහවුරු වුණා. මේ තුළින් ඉතාම හොඳින් පැහැදිලි වෙනවා මේ දිනවල විශේෂයෙන්ම වැඩිහිටියන් ට උණ ඇති ව හෝ නොමැතිව ශ්වසන රෝග ලක්ෂණ තිබේ නම් ඒ අය බොහෝදුරට කොවිඩ් රෝගයෙන් පෙළෙන අය විය හැකි බවය.

එම නිසා එවැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් දැනට ඉන්නවා නම් ඒ අය පීසීආර් පරීක්ෂණ හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමුවෙලා රෝග තත්ත්වය තහවුරු කරගැනීමක් කර ගන්නවා වගේම එවැනි අය ස්වයං නිරෝධායනයට ලක්ව සිටීම යහපත්."

මේ අතර, හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බලප්‍රදේශයේ 230 දෙනෙකු සඳහා කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් 45 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ඊයේ (16) සහ පෙරේදා (15) දිනයන් හි කොවිඩ් ආසාදිතයින් 92 දෙනෙකු හඳුනාගෙන තිබේ.