බුද්ධි අංශ රට පුරා යයි! 68කගේ ළගම අය සොයයි

Sri lanka covid 19 delta
By Sithumi Jul 23, 2021 05:13 PM GMT
Sithumi

Sithumi

Report

වේගවත් ව්‍යාප්තියක් ඇති ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ තවත් 30 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ 14කින් හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ අනුව මෙරටින් මේදක්වා හමුවී ඇති ඩෙල්ටා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 68ක් දක්වා ඉහළ යනු ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව, කෝට්ටේ, රත්මලාන, අංගොඩ, නවගමුව, ගල්කිස්ස, කැස්බෑව යන ප්‍රදේශවලින්ද ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම මීගමුව ,මහබාගේ කටුනායක සහ බේරුවල යන ප්‍රදේශවලින්ද මෙම රෝගීන් වාර්තාවී ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවැසීය .

මේ අනුව මෙම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා ගැනීමේ පරීක්ෂණ සෞඛ්‍ය අංශ සහ බුද්ධි අංශ විසින් ඊයේම අරඹනු ලැබීය. මෙයට පෙර ගාල්ල, මාතර, දඹුල්ල, වව්නියාව, මුලතිව්, සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලින්ද ඩෙල්ටා කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ රෝගීන් හඳුනාගනු ලැබ තිබිණ .

ඩෙල්ටා රෝගින් වැඩි දෙනෙකු හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.