සංචරණ සීමා නොතකා පැවැත් වූ විවාහ උත්සවය - සහභාගී වූ පිරිසට එරෙහිව නඩු
corona virus
Covid 19
Sri lanka
By Sithumi
සංචරණ සීමා සහ නිරෝධායන රීති උල්ලංඝනය කරමින් වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ නිවසක අද (27) විවාහ උත්සවයක් සංවිධාන කර තිබේ. මේ සම්බන්ධයෙන් ලද තොරතුරු මත වෙන්නප්පුව පොලිස් නිලධාරීන් සහ වෙන්නප්පුව සෞඛ්‍ය බලධාරීන් අද එම නිවසට ගොස් එය නවතා දැමීමට පියවර ගෙන තිබුණි.
සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ මෙම විවාහ උත්සවයට සහභාගී වූ සියලු දෙනාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවය. මේ අතර මීට සතියකට පමණ පෙර වැල්ලම්පිටිය ප්‍රදේශයේ අතහැර දමා ගිය කොවිඩ් ආසාදිතව සිටි මහළු යුවල පිළිබඳව රූපවාහිනී නාලිකාවක පුවතක් වාර්තා කළේය.
පසුව සෞඛ්‍ය අංශ මැදිහත්වීමෙන් ඔවුන්ව IDH රෝහලට ඇතුළත් කරනු ලැබීය. නමුත්, සුවය ලැබූ ඔවුන්ව භාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම හේතුවෙන් කළුතර ප්‍රදේශයේ වැඩිහිටි නිවසක් වෙත භාරදීමට සෞඛ්‍ය බලධාරීන් අද (27) පියවර ගත්තේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |