ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවුණු වැඩිම මරණ ගණන අද - 200 ට ආසන්නයි

isolated Corona virus covid 19 Covid deaths Covid vaccsination
By Sithumi Aug 19, 2021 03:12 PM GMT
Sithumi

Sithumi

Report

ඊයේ දින (18) මෙරටින් කොරෝනා ආසාදිත මරණ 186  ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා තහවුරු කිරීමත් සමග සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 6790 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

එම වාර්තාවට අනුව කාන්තාවන් 75 ක් සහ පුරුෂයන් 111  ක් මියගොස් තිබේ.

එම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර නිවේදනය පහතින්.

______________________________________

එමෙන්ම මීට පෙර ඊයේ දිනයේ 170  ,කොවිඩ් මරණ ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙම මරණ පෙරේදා (17) දින තහවුරු කර ඇත. එම මරණ ගණන දිනක් තුළ වාර්තා වු වැඩිම කොවිඩ් මරණ ගණන වේ

එමෙන්ම අද දිනයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් මීට පෙර වාර්තා කළ අතර තවත් කොරෝනා ආසාදිතයින් 1073ක් හදුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

අනුව අද දිනය හඳුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන 3793 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 370,429ක් දක්වා ඉහළගොස් තිබේ.

අද (19) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,186ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ

අනුව මෙරට සුවය ලැබු සමස්තය 318,714ක් දක්වා ඉහළ ගොස් තිබේ.

You may like this Video

________________කොවිඩ් යන සම්බන්ධයෙන් දරුණුම ප්‍රතිචාරයක්????


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery