කොරෝනා ආසාදිතයින් මැරෙන තුරු බලා සිටින්න බෑ - ප්‍රබල අනතුරු ඇඟවීමක් (VIDEO)

Covi Udara sampath delt varient
By Sithumi Aug 19, 2021 12:38 PM GMT
Sithumi

Sithumi

Report

 කොරෝනා ආසාදිතව ජනතාව මිය යාමට ඉඩ දී බලා සිටිය නොහැකි බවත්, කොරෝනා මරණ සංඛ්‍යාව අඩු කරගැනීමට අවශ්‍ය සියලුම සහාය ජනාධිපතිවරයාට ලබාදීමට සූදානම් බවත් කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුවේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන පැවසුවේය.

ගාල්ලේදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී අදහස් දැක්වු වෛද්‍යවරයා මේ බව සදහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මෙසේද කීය. කොරෝනා මරණ සංඛ්‍යාව 6000 පැන්නීමත් සමග කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුව අපි සකස් කරගෙන තියෙවා. ඒ සදහා අපිට එකමුතුවක් තියෙනවා. අද කරාපිටිය රෝහලේ ප‍්‍රධාන ගේට්ටුව ළග භාරකාරයෙක් නොමැති රෝගීයෙක් පැය බාගයක් හති හලමින් ඉදලා මිය ගිහින් තියෙනවා.

කවුරුවත් ළංවෙලා නැහැ. මේ විදියට රටේ හැමතැනම මිනිස්සු මැරෙනවා. මේවා ජනාධිපතිතුමාට කියන්න කවුරුවත් නැහැ. අඩුම තරමේ දුරකතනයකින්වත් වීඩියෝ කරලා ජනාධිපතිතුමාට යවලා නැහැ. ඒ නිසා මේ වගේ මරණ වෙනවා නම් කොන්ද කෙලින් තියාගෙන මේවා සමාජ මාධ්‍යවලට නිකුත් කරන්න. මේ විදියට පැය බාගයක් රෝගියක් හති දාගෙන ඉදලා මැරෙන තුරු අපිට බලාගෙන ඉන්න බැහැ. රටේ මැරෙන රෝගීන්ගේ ඇත්ත තත්වය ජනාධිපතිතුමා දැනගත යුතුයි.

රටේ රජතුමාට පේන්න මේවා දාන්න. ජනාධිතිතුමා වටේ කේවට්ටයෝ පිරිසක් ඉන්නවා. ඒ අය මේවා ජනාධිපතිතුමාට කියන්නේ නැහැ. ඒ නිසා කේවට්ටයෝ වෙනුවට මහෞෂධලා අවශ්‍ය කාලයක් මේ. විද්වතුන්ගේ උපදෙස් ගැනීමට කාලයයි මේ. ජනාධිපතිතුමනි, මේ නිසා ඔබේ නම තමයි කැත වෙන්නේ. මම මේ ගැන ගැන කතා කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවුනා.

ඒ අවස්ථාවේදී ඔහු සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේට කතා කරලා අවශ්‍ය ඉදිරි පියවර ගන්න කියලා කිව්වට ඇය කිසිම දෙයක් කරලා නැහැ. මේවා ගැන මම ඉදිරියට හෙළිදරව් කරනවා. අපේ රටේ මිනිස්සු මැරෙන්න ඇරලා බිලි පූජා පැවැත්වීමට අපිට ඉඩ දෙන්න බැහැ. අපේ රටේ බිලි පූජාවට දීලා නිධාන ගන්න දෙන්න බැහැ. තුන්හෙලේ සිංහ පැටව් තවම නිදි නැති බව අපි අවධාරණය කරන්න ඔ්න. කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න ජනාධිපතිතුමනි.

නැතිනම් ඔබතුමාගේ ධූර කාලය අවසන් වෙලා යනකොට හැමෝම ඔබතුමාට ඇගිල්ල දිගු කරන්න පුලුවන්. මේක කියන්නේ ජනාධපතිතුමාට තියෙන ආදරයෙනි. ඒ නිසා ජනාධිපතිතුමනි, මම සූදානම් අපි ඔබතුමා සමග සාකච්ඡුා කරන්න. මම වෛද්‍යවරයෙක් විදියට නෙමෙයි සාමාන්‍ය වැසියෙක් විදියට මම එන්නම්. මේ වැඩිවෙමින් තිබෙන කොරෝනා මරණ සංඛ්‍යාව අඩු කරගන්න ආකාරය ගැන අපි කතා කරමු. මොකද මේ රටේ මිනිස් ජීවිත රැුක ගැනීම මට අනික් හැම දේටම වඩා වැදගත්. මම හැමදාම වැඩට යන්නේ කරාපිටිය රෝහලේ මෝචරිය ළගින්. හැමදාම එතැන මැරෙන රෝගීන් ගොඩ ගහලා. මැරි මැරී පුච්චනවා. කී දෙනෙක් මැරෙනවාද කියලා ඔබතුමා දන්නේ නැද්ද. මේ විදියට කොරෝනා හැදිලා මැරෙන රෝගීන්ගේ සංඛ්‍යාව අඩු කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා මම කොන්ද කෙලින් තියාගෙන බය නැතිව කියනවා. හිර ගෙවල්වල දැම්මත් බය නැතිව අපි මේවා කියනවා. මට ඩුවල් සිටිසන් නෑ. අපි වෙන රටවල්වලට යන්නේ නෑ. අපි ඉපදුනෙත් මේ රටේ. මැරෙන්නෙත් මේ රටේ. ඒ නිසා කවුරු හරි ඩුවල් සිටිසන් තියාගෙන කවුරු හරි මේ රටේ මගුල් නටන්න හදනවානම්, හකුලාගෙන වහාම පලයව් කියලා බය නැතිව කියනවා.

අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මොකක්ද කරන්නේ. කවුරුවත් එළියට ඇවිත් තියෙනවාද. එක වෛද්‍යවරයෙක් එළියට ඇවිත් කතා කරනවාද. මේ අයට මිනිස්සු මැරෙන එක වලක්වන්න ඔ්න නැද්ද අපි කොවිඩ් පොසිටිව් වුන අයට මෙගා පාරමී කියලා අවශ්‍ය ආහාර අතිරේක නොමිලේ බෙදලා තියෙනවා. අපි මිනිස්සුන්ගේ ජිවිත බේරාගන්න ඉදිරියට එනවා. අපි රෝගීන් දස දහසකට වඩා මේ ආහාර අතිරේකය ලබාදී තිබෙනවා. ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න අපි කැපවෙලා තියෙනවා.

මේ සදහා අපිට ලිඛිත සාක්ෂි තියෙනවා. අද ඇමැතිවරුන්ට මේවා ගැන කියන්න කොන්දක් නෑ. මේවා ගැන කියන්න අපි ඇමැතිවරු දහ දෙනෙක් විතර හමුවුනා. කොන්දක් තියාගෙන ජනාධිපතිතුමාට මේවා කියන්න බැරිද? මේවා ගැන කියන්න අපි අගමැතිතුමා හමුවුනා. එතුමා නම් ඩුවල් සිටිසන් නෙමෙයි. කොවිඩ් මර්දනයට නායකත්වය දෙන හමුදාපතිතුමාට කියන්නේ අපේ රටේ මිනිස්සුන්ට කොවිඩ් වලින් මැරෙන්න දෙන්න බෑ කියලයි. කොවිඩ් මරණ වලක්වා ගන්න අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපතිතුමා දැනුවත් කිරීමට අවස්ථාව ලබා නොදෙන හිවල්ලු ටික අතුගෑවිලා යන්න ඔ්න. අපි කරන්න ඔ්න දෙවල් සමාජ මාධ්‍යයෙන් කිව්වා. දැන් අපි රස්සාවත් උකසට තියලා ජනතාව වෙනුවෙන් බය නැතිව පෙරට ඇවිත් ඉන්නවා. අපි නැවත නැවතත් අවධාරණය කරන්නේ ජනතාව කොරෝනා මාරයාට විවෘත කරලා බිලි පූජා තියන්න එපා කියලයි.

කවුරු හරි බිලි පූජා තියන්න හිතාගෙන ඉන්නවා නම් ඒකට අපි ඉඩ දෙන්නේ නෑ. අපි මේ ජනතාව බේරාගන්න ක‍්‍රමයත් අපි දන්නවා. අද කරාපිටිය රෝහලේ ආරක්ෂක අංශයට මාස්ක් නෑ. සැනිටයිසර් නෑ. මම තමයි ඒ අයට මාස්ක් ටිකයි, සැනිටයිසර් ටිකයි අරගෙන ගිහින් දුන්නේ. මැරන මනුස්සයා අයින් කරන්න පැයක් විතර යනවා. මේවා ගැන රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් අහන්න. මේවා බය නැතිව එළියට දාන්න. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත් කියන්නේ හැංගෙන්නේ නැතිව එළියට එන්න කියලයි. වහාම කොරෝනා නිසා මිය යන සංඛ්‍යාව අඩු කරන්න අවශ්‍ය පියවර ගන්න. අපි ඒකට මැදිහත්වෙන්න සූදානම්. අද අපේ කොරෝනා නිසා මිය යන ජනතාව සම්බන්ධයෙන් වගකීම ගන්නේ කවුද. නැතිනම් අවසානයේදී සියලුම වගකීම් ජනාධිපතිතුමාගේ පිටින් තියලා අනික් හැමෝම බේරෙන්න පුලුවන්. ඒ නිසා ඇත්ත දත්ත මත පිහිටා කටයුතු කරන්න. මේ වෙලාවේ විපක්ෂය එළියට එන්න. කොන්ද කෙලින් තියාගෙන කටයුතු කරන්න.

මේකේ බිලි පූජා තියන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ. තුන්හෙලේ කැලෑවල සිංහ පැටව් හැංගිලා නෑ. සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් ජනතාව ඉපදෙන්නේත්, මැරෙන්නේත් මේ රටේ. අපිට ඩුවල් සිටිසන් නෑ. ඒ නිසා අපි ඉස්සරහට එන්න ඔ්න. කොරෝනාවලින් මිය යන සංඛ්‍යාව අඩු කරගන්න අපිට ප‍්‍රමාණවත් දැනුමක් තියෙනවා. අපි හැමෝම එකතුවෙලා දේශීය වශයෙන් කොරෝනාවලට මුහුණ දෙන්න බෙහෙතක් හදමු. කොවිඩ් වලට බෙහෙතක් අපි හදමු. අපේ රටේ ජනතාවගේ ජීවිත අපි ආර්කෂා කරගනිමු.

කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුවේ චන්දන ජයලත් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. කොරෝනා සම්බන්ධයෙන් වෛද්‍යවරු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු බොහෝ දෙනෙක් මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබුණා. මේ මාධ්‍ය වාර්තාවල තියෙන්නේ මොනවාද? රට විශාලාවක් වෙනවා - සතියකට කෑම අරගෙන ලොක් ඩවුන් එකකට යන්න, අද රට වැහුවොත් දවස් විස්සකදී මිනිස් ජීවිත 1200ක් බේරාගන්න පුලුවන් කියලා දෙවිිවරු වගේ වෛද්‍යවරු ඇවිත් කියනවා. ඩෙල්ටා එනවා - ස්වං ලොක් ඩවුන් වෙන්න කියලා චන්න ජයසුමන ඇමැතිතුමා කියලා තියෙනවා

. පුෂ්පා රම්‍යානි සොයිසා හෙද නිලධාරිනිය කියන්නේ මෝචරියට තියෙන තදබදය වැඩියි, වහාම ඔබේ මරණය වලකාගන්න කියලා කියනවා. මේ හැම එකකින්ම පේන්නේ පවතින තත්වයේ භයානක තත්වයයි. අපේ ජනාධිපතිතුමා මේ ප‍්‍රශ්ණයට ඇති එකම විසදුම එන්නත්කරණය කියලා ජනාධිපතිතුමා කියලා තිබුණා. වෛද්‍යවරුන් දෙන උපදෙස් මත තමයි ජනාධිපතිතුමා මේවා කියන්නේ. ඒ අනුව විවිධ රටවලින් විවිධ එන්නත් ගෙනාවා. ජනාධිපතිතුමා අපි වෙනුවෙන් එන්නත් ගෙනාවා. හමුදාපතිතුමාගේ මැදිහත්වීමෙන් වේගවත්ව එන්නත්කරණය කළා. ගෙවල්වලට ගිහින් එන්නත් ලබාදුන්නා. මේ සේරම කළේ දෙවිවරු වගේ වෛද්‍යවරුන්ගේ උපදෙස් මතයි. අපේ ජනතාවත් පෝලිමේ ගිහින් එන්නත් ගත්තා. මේ සේරම කරලත්, එන්නත් මාත‍්‍රා දෙකම ගත්ත අය පවා රෝගි වෙනවා. මැරෙනවා. මේ නිසා හැමෝම රට වහන්න කියලා ජනාධිපතිතුමාට කියනවා.

මේ විදියට රට වහන්න කියලා කියන විට අපි වගේ සාමාන්‍ය ජනතාව පුදුම ආකාරයට බියට පත් වෙනවා. එහෙම රට වැහුවොත් එදිනෙදා ආදායම් උපයන ජනතාව අසරණ වෙනවා. එහෙම රට වැහුවොත් එදිනෙදා කෑම වේල හොයා ගන්න විශාල පිරිසක් අසරණ වෙනවා. කොවිඩ් වලට වඩා වැඩි ගින්දරකින් ඒ අය පිච්චෙනවා. ජනාධිපතිතුමා මේවා ගැන හිතන්න ඔ්න. බටහිර වෛද්‍යවරු ඉන්නවා. ලංකාවේ ඉන්න බටහිර වෛද්‍යවරුන්ගෙන් අලුත් නිර්මාණ කළේ කවුද? කොරෝනා හමුවේ ප‍්‍රතිශක්තිය වැඩිවෙන මොනවා හරි දෙයක් කළේ ආර්යුවේද වෛද්‍යවරුන් සහ හෙළ වෛද්‍යවරුන් තමයි. මේ අතර බටහිර වෛද්‍යවරු කීප දෙනෙක් මේ ගැටලුවට විසදුම් ඉදිරිපත් කර තිබෙනවා. හෙළ වෛද්‍යවරු, ආර්යුවේද වෛද්‍යවරු, රසායනික විද්‍යාඥයින් මේ විසදුම් පිළිගෙන තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ දෙවිවරුන්ටත් ඉඩක් දෙන්න කියලයි. මේ වෛද්‍යවරුන්ට ඉඩක් ලබාදෙන්න. මම ගුරුවරයෙක්. වෛද්‍යවරයෙක් නෙමෙයි. කොහොම හරි ප‍්‍රතිශක්තිය වැඩි වෙලා කොරෝනාවලට මුහුණදෙන්න පුලුවන් බෙහෙතක්, ආහාරයක් ඉදිරිපත් කළාම මම ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා.

අද දරුවන් බලාගෙන ඉන්නේ කොයි වෙලාවේ පාසල් විවෘත කරාවිද කියලයි. තමන්ගේ යාළුවන් එක්ක සෙල්ලම් කරන්න ලැබෙන්නේ මොන වෙලාවේදී කියලා තමයි බලන්නේ. ඒ නිසා ජනාධිපතිතුමනි, මේවා ගැන හිතා බලන්න. ජනතාවගේ ජීවිත ආකර්ෂා කළ හැකි ආකාරයන් ගැන සිතා බලන්න. ශ‍්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ අන්තර්ජාතික පරයේෂණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය නන්ද ගුණවර්ධන අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. දැන් කොරෝනා මරණ වැලැක්වීමට ගත යුුතු පියවර ගැන අපි හැමෝම අවධානය යොමු කරනවාග වැක්සින් එක ගැන අවධානය යොමු කරනවා. මම මේ ගැන අවධානය යොමු කරන්නේ රසායන විද්‍යාඥයෙක් විදියට. රසායන විද්‍යාව පිළිබද ආචාර්ය උපාධියක් ලබා තිබෙන මම රසායනික සංයෝගවලින් පිළිකා නසන්නේ කොහොමද කියන එක ගැන පර්යේෂණ කරලා තියෙනවා. 2015 වසරේදී හොදම තරුණ විද්‍යාඥයාට හිමි ජනාධිපති සම්මානයත් ලබාගත්තා. අපි පර්යේෂණ සදහා යොදා ගත්තේ මේ දැනුම. දැනුම තමයි බලය බවට පත්වෙන්නේ. දැන් මේ බෙහෙත් හදන එකල සහ බෙහෙත් දෙන එක විශයන් දෙකක්. ලෝකයේ බෙහෙත් හදන්නේ රසායනික විද්‍යාඥයින් රෝගීන්ට බෙහෙත් දෙන්නේ වෛද්‍යවරුන්. බටහිර වෛද්‍යවිද්‍යාවේ පියා වන හිපොක‍්‍රටීස් කියලා තියෙන්නේ රෝගීන්ට ආහරයත් ඖෂධයක් විය හැකි බවයි. ආහාරයක් ඖෂධයක් වෙන්නේ කොහොමද කියලා බොහෝ දෙනා අහනවා.

ඒත් ඒ ගැන හිපොක‍්‍රටීස් කියලා තියෙනවා. ඉගුරු, සුදුළූණු, කොත්තමල්ලි අපි වසර දහස් ගණනක් තිස්සේ ප‍්‍රතිශක්තීකරණය වර්ධනය කිරීමට යොදා ගන්නවා. හෙළ වෙදකමේ තියෙනවා වදකහ ගැන. ඒ විතරක් නෙමෙයි, ග‍්‍රීසියේ මිසරයේ, බයිබලයේ පවා වදකහවල ප‍්‍රතිශක්තීකරණ වර්ධක ගැන සදහන් වෙනවා. කොවිඩ් මර්දනයන කරන දෙයක් විදියට අපේ ආඩතෝඩාවලට කොරියාවෙන් පේටන්ට් බලපත‍්‍රය දාලා ඉවරයි. කොවිඩ්වලින් මැරෙන මිනිසුන් සීමා කිරීම තමයි අපේ අරමුණ. ඒකට දෙයක් හදද්දී පියවර තුනක් තියෙනවා. එකක් ආහාරයක් විදියට ඉදිරිපත් කරන්න පුලුවන්. එතැනින් ඉස්සරහට ගිහිල්ලා ආර්යුවේද නිෂ්පාදනයක් විදියට ඉදිරිපත් කරන්න පුලුවන්. තුන්වැනි පියවර ඖෂධයක් විදියට ඉදිරිපත් කරන්න පුලුවන්. හැබැයි ඒකට සායනික පර්යේෂණ අවශ්‍යයි. සායනික පර්යේෂණ කරනවා නම් හරියට කරන්න ඔ්න. මීයෝ පස් දෙනෙක්ට, දහ දෙනෙක්ට දීලා ප‍්‍රතිශක්තිය වර්ධනය වෙනවා කියලා සායනික පර්යේෂණ කරන්න පුලුවන්. එහෙම කළාම ප‍්‍රතිඵල එනවා.

හැමෝම කරන්නේ මේක. හරියට සායනික පර්යේෂණ කරලා ලංකාවේ එක බෙහෙතක් හදලා තියෙනවාද? බඩේ අමාරුවක් හැදුනම බොන තැම්බුම් හොද්දට සායනික පර්යේෂණ කරලා තියෙනවාද? 0773577874