හදිස්සියේම මාර්ගෝපදේශ මාලාව

Covid 19 Sri lanka guid lines
By Sithumi Oct 23, 2021 01:03 PM GMT
Sithumi

Sithumi

Report

සියලුම ආගමික සිද්ධස්ථානවල විශේෂ පූජාවන් පවත්වාගෙන යෑම සඳහා නව මාර්ගෝපදේශ නිකුත් කර තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඒ බව පැවසීය.

ඒ අනුව, බෞද්ධ බැතිමතුන්ට පොහොය දිනයන්වලදී සහ බෝධි පූජා සඳහාත් උපරිමය 50කට යටත්ව ආගමික කටයුතුවලට සම්බන්ධ විය හැකිය. කතෝලික, ඉස්ලාම් සහ හින්දු භක්තිකයින්ට ද විශේෂ ආගමික වැඩසටහන්වලදී උපරිමය 50කට යටත්ව ආගමික කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව පවතී.

ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිතව සහ පවතින මාර්ගෝපදේශ උල්ලංඝනය නොවන පරිදි කටයුතු කිරීමට අදාළ ආගමික ස්ථාන භාරකරුවන්ට වගකීම් පැවරෙයි. මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් උත්සව සංවිධානය කරන්නන් සම්බන්ධයෙන් ඉදිරියේදී අවශ්‍ය වුවහොත් පොලීසිය දැනුවත් කිරීමට සිදුවන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

විවාහ උත්සවයක් හැර වෙනත් සාද පැවැත්වීම සඳහා අවසර ලබාදී නොමැති බවද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය. තවමත් කොවිඩ් රෝගයේ අවසන්වීමක් දක්නට නොමැති බව සියලු ජනතාව හොඳින් අවබෝධ කරගත යුතු බවද ඔහු පැවසීය.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක 
සබ්ස්ක්‍රයිබ් කරන්න