කොරෝනා ආසාදිතයෙක් බාලවයස්කාර දැරියක දුෂණය කර පලා ගිහින්..

covid19 aluthgama nagoda hospital girl raped ganegama
By Sewvandhi Aug 18, 2021 01:30 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අලුත්ගම සීන වත්ත ප්‍රදේශයේ පදිංචි බාල වයස්කාර දැරියක් අලුත්ගම ගනේගම ප්‍රදේශයේ සැකකාර පුද්ගලයාගේ නිවසේදී අවස්ථා කීපයක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිට කොයිඩ් ආසාදිත වූ සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් 17 අලුත්ගම පොලිසියට බාර වී තිබේන බව කියයි

මෙලෙස මෙම ලිංගික අපයෝජනයට ලක්කර ඇත්තේ වයස අවුරුදු 10යි මාස 3 වයසැති බාලවයස්කාර දැරියක් බවත් සැකකරු වින්දිත දැරියගේ පියාගේ බාප්පා වන 60 අයෙකු බව බවත් විමර්ශන සිදුකරන පොලිසිය කියයි .

ඉකුත් අප්‍රේල් මාසයේ සිට අවස්ථා කීපයක දී අලුත්ගම ගනේගම සැකකරුගේ නිවසේ දී මෙම දැරිය රවටා බරපතළ ලෙස ලිංගික අපයෝජනට ලක්කර ඇති බව දැරිය පරීක්ෂාකල අධිකරණ වෛද්‍යවරයා ගෙ වාර්තා වලින් සනාත වී ඇතැයි අලුත් නම් පොලිසිය කියයි .

සැකකරු සහ වින්දිත දැරියගේ පාර්ශවය සමීප ඥාතීන් බවත් ඒ හේතුවෙන් නිතර නිතර සැකකරුගේ නිවසට සෙල්ලම් කිරීමට මෙම දැරිය පැමිණ ඇති අවස්ථාවල ලිංගික හැසිරී තිබෙන බව පොලිසිය කියයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අලුත්ගම පොලීසියට නිර්නාමිකව ලද පැමිණිල්ල අනුව විමර්ශන සිදුකර බවත් ,අනතුරුව දැරිය කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් ඇය අවස්ථා කිහිපයකදීම ලිංගික අතවරයට ලක්වී ඇති බව සනාථ වී තිබීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට නිවසට ගිය අවස්ථා කිහිපයකදීම සැකකරු නිවසේ නොසිට ප්‍රදේශයෙන් ද පලාගොස් ඇති බව පොලිසිය කියයි .

එලෙස පලාගොස් සිටි සැකකරු කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් කොරෝනා පරීක්ෂණයක් සිදුකර තිබෙන බවත් එමගින් ඔවු ආසාදිතයකු බව තහවුරු වී තිබියදී නීතිඥයෙකු මාර්ගයෙන් අද අලුත්ගම පොලිසියට භාර වී තිබෙන බව ත් ඒ අනුව කොයිඩ් ආසාදිත සැකකරු යුදහමුදා වයටතේ දර්ගා නගරයේ ක්‍රියාත්මක කොරෝන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රඳවා තැබීමටත් කටයුතු කළ බව අලුත්ගම පොලිසිය කියයි .

කළුතර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න , කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , ජේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා , සහකාර පොලිස් අධිකාරී රමිඳු ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත අලුත්ගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. සුදුසිංහ, ලම හා කාන්තා කාර්යාංශය ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක නිශාදි පූර්ණිමා යන මහත්ම මහත්මීන් ඇතුළු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now