රටම කම්පාකරමින් 31 හැවිරිදි වෛද්‍යවරියක් කොවිඩ් මාරයාට බිළිවූ හැටි...

Covid Colombo Doctor death Rathnapura hospital doctor Tarindi dilshika vithanage
By Aruna Sep 24, 2021 04:30 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් නිව්මෝනියා රෝගි තත්වයේ සංකුලතා හේතුවෙන් බහුවිද අවයව අකර්මනය විමෙන් ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 31ක් හැවිරිදි වෛද්‍යවරියක් මියගොස් ඇති බව වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර රෝහලේ සේවය කරමින් සිටි යට්ටොවිට ටරින්දි දිල්ෂිකා විතානගේ (31) නැමති වෛද්‍යවරියක්.

ඇය රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෙම වෛද්‍යවරිය රෝහලේ සේවය කරමින් සිටියදි අගෝස්තු මස 23වෙනිදා ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලකින් PCR පරික්ෂණයක් සිදුකර ඇති අතර එම පරික්ෂණ ප්‍රථිපල අනුව මෙම වෛද්‍යවරියට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත.

පසුව එම වෛද්‍යවරිය ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක පිහිටි කොවිඩ් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රථිකාර ලබමින් සිට රෝගි තත්වය උත්සන්නවිම නිසා පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇත.

රෝගී තත්ත්වය තවත් උත්සන්න වීම හේතුවෙන් පසුව එම වෛද්‍යවරිය ඉකුත් සැප්තැම්බර් මස 02 වැනිදින ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇති එක්මෝ යන්ත්‍රයේ ආධාරයෙන් ප්‍රතිකාර ලබාදිම සදහා කරාපිටිය රෝහලට රැගෙන විත් ඇත.

කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඉකුත් 22 වැනි දින පස්වරුවේ දි මෙම වෛද්‍යවරිය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now