ඉතිහාසය වැඩිම මරණ ගණන අද - යළිත් අවදානම් තත්ත්වයක්
අද දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 198 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ඒ අනුව මේ දක්වා වාර්තාවී වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 7948 දක්වා ඉහළ ගොස් තිබේ .
එම නිවේදනය පහතින්...
ඊයේ (24) තහවුරු කළ මෙම මරණ අතරට පිරිමි පුද්ගලයන් 119ක් සහ කාන්තාවන් 79ක් අයත්. වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයෙක් ද මියගිය පිරිස අතර වනවා.
අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි 37ක් සහ කාන්තාවන් 14ක් මියගොස් තිබෙනවා.
අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 146ක් මෙම මරණ 198 අතරට අයත්.
ඒ පිරිමි 81ක් සහ කාන්තාවන් 65ක් වශයෙන්.
අද දින මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 3390 ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 1082 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |