Covid ආසාදිතයින් තවත් ඉහලට..මරණ සංඛ්‍යාවත් වෙනස්ම අගයක..
covid19
deaths
infection
vaccination
By Sithumi
අද දින පළමුව හඳුනාගත් ආසාදිතයින් 542ට අමතරව තවත් ආසාදිතයින් 184 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව අද දින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 726 දක්වා ඉහළ යනවා.
කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 447ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 479,629ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනයේ මෙරටින් තවත් කොවිඩ් මරණ 29 වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දන්වන්න සිටිනවා.
ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 13,296 දක්වා ඉහළ යනවා එම මරණ අතරට කාන්තාවන් 11ක් සහ පිරිමි පුද්ගලයින් 18ක් අයත්ය.
මෙම මරණ 29 අතර අවුරුදු 30ත් 59ත් අතර පුරුෂයින් 4ක් සහ කාන්තාවන් දෙදෙනෙක් සිටිනවා.
වයස අවුරුදු 60ට වැඩි පුරුෂයින් 14ක් සහ කාන්තාවන් 9 දෙනෙකු ද මෙම මරණ 29ට අයත් වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |