එකවරම තත්වය භයානක වෙයි. ආධාහනාගාර වල ඉඩමදි. කොවිඩ් මරණ වලට කරන්න යන දේ මෙන්න

corona virus Covid 19 Sri lanka
By Sithumi Aug 24, 2021 12:03 PM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා මරණ ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ආදාහනාගාර වල ඉඩකඩ ප්‍රමාණවත් නොවන තත්ත්වයක් මතුවී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ බදුල්ල දිස්ත්‍රික් සංගම් සභාපති ආර් දිසානායක මහතා පවසන්නේ කොරෝනා මෘත දේහයන් ආදාහනය සඳහා යොදා ගන්නා ආදාහවාගාර 09ක් දිස්ත‍්‍රික්කයේ ඇති බවත් ඒවායේ ආදානය කළ හැක්කේ දිනකට මරණ 27 කට අඩු සංඛ්‍යාවක් බවත්ය.

කොරෝනා නොවන මරණද ආදාහනය සිදු වන බැවින් දෛනික ධාරිතාව ඉක්මවූ විට ආදාහනාගාර වල ඉඩකඩ වෙන් කරගත නොහැකි වන බවද ඔහු කියා සිටී.

එනිසා කොරෝනා නොවන මරණ මේ දිනවල ආදාහනය කිරීම වළක්වා ඒවා භූමදානය කිරීමට ඥාතීන් දැනුවත් කිරීමට පියවර ගත යුතුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.