ඉදිරියේදී දිනකට කොවිඩ් රෝගීන් 25000ක් වීමේ අවදානමක් - අනතුරු නිවේදනයක්

By Wasantha Jun 05, 2021 05:02 AM GMT
Report

දැනට රෝගීන් වාර්තා වීමේ තත්ත්වය මත ඉදිරි සති කිහිපය ද මේ ආකාරයෙන්ම පැවතුණහොත් රට දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වනු ඇතැයි සෞඛ්‍ය අංශ විසින් රජයට පෙන්වා දී තිබේ.

ඉදිරි සති කිහිපය තුළ දැනට වාර්තාවන ආකාරයට ආසාදිතයන් වාර්තා වූවොත් දිනකට රෝගීන් 25,000-30,000 රෝගීන් පිරිසකට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය අංශවල සිදුවනු ඇතැයි ද ඔවුන් දැඩිව අවධාරණය කර ඇතැයි සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ. මෙසේ පැතිරි යන ප්‍රභේදය ඉතා ඉක්මනින් බෝවන ප්‍රභේදයක් බවත් එනිසා බොහෝ දෙනෙකු අසාධ්‍ය තත්ත්වයට පත් වී ඔක්සිජන් මත රඳා පවතින තත්ත්වයක් උද්ගත වනු ඇති බවත් ඔවුන් පෙන්වා දී ඇත.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අසාධ්‍ය රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි අධි සත්කාර ඒකක පළාත් මට්ටමින් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. එක ඒකකයක රෝගීන් 100 දෙනෙකුට ප්‍රතිකාර කිරීමේ පහසුකම් සකස් කිරීමට නියමිතව තිබේ.