දරුවන්ට තවත් ලොකු අවදානමක් - covid ආසාදිත ළමා මරණ ගැන අනතුරු ඇඟවීමක්

Srilanka Corona virus covid 19
By Sithumi Oct 08, 2021 04:22 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් ආසාදිත ළමා මරණ 67ක් පසුගිය සිකුරාදා දිනය වන විට මෙරටින් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසති. අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ, විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පවසා සිටියේ, එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 18ට අඩු අය බවය. 

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරයා, "මේ දරුවන් 67 දෙනාගෙන් 13දෙනෙක් ගෙදරම මියගියා. අනෙක් දරුවන්ගෙන් සියයට 95කට වැඩි ප්‍රමාණයක් රෝහලට පැමිණිලා තියෙන්නේ, අවසාන අවස්ථාවේ.

යම්කිසි රෝගී තත්ත්වයක් තියෙනවා නම් දරුවෙකුට උණ කැස්ස හෝ වෙනත් ආබාධයක් සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකුට වහාම පෙන්වන්න. එහෙම නැත්නම් ඔබ ඒ ගැන සෑහීමකට පත්වෙන්නේ නැත්නම් ළඟම තියෙන රෝහලට පැමිණෙන්න." 

 මේ අතර රුපියල් 7500ක කොවිඩ් අවදානම් මාසික දීමනාව අඛණ්ඩව ලබා නොදීම,සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවක් නොකිරීම ඇතුළු කරුණු 09 ක් මුල්කරගනිමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 41 ක් අද උදෑසන 7 සිට පැය 5ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළේය.

දහවල් 12න් පසු රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමටද සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව කටයුතු කළේය.